E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

0260/ 2015 - ගරු (ආචාර්ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 260/’15

       

      ගරු (වෛද්‍ය) ඒ.ආර්.ඒ.හෆීස් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කොළඹ දිස්ත්‍රික්කයේ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බ්‍රැන්ඩියාවත්ත, වෙලේවත්ත සහ වෙන්නවත්ත ප්‍රදේශ පහත්බිම් කලාපයක් වන බවත්;

       

      (ii) එම ප්‍රදේශ හරහා ඇති ඇළ මාර්ග දීර්ඝ කාලයක් තිස්සේ සිට ශුද්ධ පවිත්‍ර නොකිරීම නිසා වැසි දිනවලදී ප්‍රදේශයේ නිවාස, වෙළඳසැල්, ආගමික සිද්ධස්ථාන සහ මංමාවත් සියල්ල ජලයෙන් යටවන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එම ඇළ මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා උපදෙස් දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-12-18

අසන ලද්දේ

ගරු (ආචාර්ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks