02

E   |     |  

 දිනය: 2015-12-19   පිළිතුර ලබා දී ඇත 

0255/2015: Complaints re: Child Abuse 2010-2014

255/’15

 

ගරු බිමල් රත්නායක මහතා,— නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2010, 2011, 2012, 2013 සහ 2014 වර්ෂයන්හීදී,

              (i)      පොලීසියට ලැබී ඇති ළමා අපචාර පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව එක් එක්      වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

 

(iii) ළමා අපචාර සම්බන්ධව පොලිස් ‘බී’ වාර්තාව ඉදිරිපත් කළ පසු ඒවාට අධිචෝදනා පත්‍ර නිකුත් නොකරන ලද, නීතිපති දෙපාර්තමේන්තුව සතු නඩු  සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-19

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks