බලන්න

04

E   |     |  

 දිනය: 2015-12-15   පිළිතුර ලබා දී ඇත 

0247/2015: Sugathadasa Authority- Leasing out vehicle park to an outsider without tender

247/’15

 

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට මාසිකව රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි ආදායමක් ලබාදුන් “D” රථ ගාල, ටෙන්ඩර් ඉදිරිපත් කර නොමැති පුද්ගලයෙකුට 2015.01.30 දිනට ආසන්න දිනයකදී අඩු මුදලකට පෞද්ගලිකව බදු දුන් බවත්; 

(ii) ඔහු විසින් මේ දක්වා කිසිදු මුදලක් එම අධිකාරියට ගෙවා නැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම අවිධිමත් ගනුදෙනුව ගැන සොයා බලා නැවත මෙම රථ ගාල පවරා ගැනීමට කටයුතු කරන්නේද;

 

(ii) මෙම රථගාල ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බදු දී ඇත්නම්, ඒ සඳහා වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම් , ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-15

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks