පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
238/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අංක GB-2865 දරන ඩිෆෙන්ඩර් රථය මාස 03ක කෙටිකාලීන පරිහරණයට ලබාගත් හිටපු අමාත්‍යවරයෙකු හා තවත් හිටපු අමාත්‍යවරයෙකු විසින් වසර 06ක් අනවසරයෙන් භාවිතා කොට, පසුව එහි රෝද හතර ඇතුළු බොහෝ කොටස් ගලවා ඉවත් කර, චැසිය පමණක් පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් පසුව නොදන්වා, ආපදා රථයකින් රැගෙන විත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ භූමියෙහි අතහැර ගොස් තිබූ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිල වශයෙන් අංක GB - 2865 දරන ඩිෆෙන්ඩර් රථය නිදහස් කර තිබූ අමාත්‍යවරයාගේ නම කවරේද;
(ii) එම රථය අනවසරයෙන් කොපමණ කාලයක් භාවිතා කර තිබේද;
(iii) ඒ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් ගෙන තිබූ පියවර කවරේද;
(iv) එම වාහනයේ කොටස් ගලවා ඉවත් කිරීම හේතුවෙන් සිදුවූ අලාභය කොපමණද;
(v) එම අලාභය අය කර ගැනීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගෙන තිබූ පියවර කුමක්ද;
(vi) මෙම රාජ්‍ය දේපළ සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන විමර්ශනයේ වත්මන් ප්‍රගතිය කවරේද;
(vii) ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-26
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) GB - 2865 අංක දරන ඩිෆෙන්ඩර් රථය නිල වශයෙන් අමාත්‍යවරයෙකුට නිදහස් කර නොතිබුණි.
(ii) එම රථය 2011 සිට 2015 දක්වා වසර 04ක කාලයක් අනවසරයෙන් භාවිත කර තිබුණි.
(iii) ආයතනය දැනුවත් වී තිබුණද, කිසිදු පියවරක් ගෙන නොතිබුණි.
(iv) දළ වශයෙන් ලක්ෂ 30ක් පමණ වේ.
(v) 2015.03.09 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පැමිණිල්ලක් ගොනු කොට ඇත.
(vi) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම රථයට සිදු වී ඇති නිත්‍ය අලාභය කවරේද යන්න 2016.01.05 දිනැති ලිපිය මඟින් වාර්තා කරන ලෙස දන්වා ඇත.
(vii) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-05-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks