පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
236/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 ජනාධිපතිවරණය පාදක කර ගනිමින් දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රුපියල් 29,400,000ක මුදලක් අවභාවිතා කළ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 2015 වර්ෂය සඳහා සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 18ක් අතර බෙදා හැරීමට ලිත් ලක්ෂ 50 මුද්‍රණය කළ හේතුව කවරේද;
(ii) අදාළ වියදම අනුමත කළ බලධාරියා කවුරුන්ද;
(iii) ඔහුට එම මුදල අනුමත කිරීමේ බලය තිබේද;
(iv) මෙම ලිත් ලක්ෂ 50 මුද්‍රණය කළ ආයතනය කවරේද;
(v) ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දිවි නැගුම අරමුදලේ මුදල් තම පක්ෂයේ මැතිවරණ ප්‍රවර්ධනයට යොදා ගැනීමෙන් සිදු කර ඇති මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයේ ප්‍රගතිය කවරේද;
(ii) අදාළ දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය මගින් මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබේද;
(iii) එසේ නම්, එහිදී ගත් විනය ක්‍රියාමාර්ගය කවරේද;
(iv) මේ සඳහා වියදම දරා ඇත්තේ දිවි නැගුම අරමුදලින් නම්, සිදු වූ පාඩුව පියවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-09
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) 2014 වර්ෂයේ අවසානයේ 2015 වර්ෂය සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සංවර්ධන කාර්ය වන දිවි නැගුම 6 වන අදියර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ කෘෂි කාර්මික ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීමට හැකි වන පරිදි ගොවිතැන් ඇතුළු කෘෂි කාර්මික තොරතුරු අන්තර්ගත කර ලිත් මුද්‍රණය කරන ලද බවට තොරතුරු සඳහන් කර ඇත.
මේ ගැන දැනටමත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ පැවැත් වේ. අපේ අය දිගටම සාක්ෂි දෙන්න යනවා.
(ආ) (i) ඉහත (අ) පිළිතුර අදාළ වේ.
(ii) එදා සිටි දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්. ඔහු දැනට සේවයේ නැහැ.
(iii) දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා වශයෙන් එම කාර්යය සඳහා අනුමැතිය ලබා දීමට ඔහුට බලය තිබෙනවා.
(iv) ඉමාෂි ප්‍රකාශන ආයතනය.
(v) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුව විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කළ බව සඳහන් file එකක් තිබෙනවා.
(ඇ) (i) ලිත් මුද්‍රණය කිරීම සඳහා දිවි නැගුම අරමුදලින් මුදල් යොදවා ගෙන නොමැති අතර, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2014 වර්ෂයේ ඇස්තමේන්තුවෙන් වෙන් වූ මුදල් ඒ සඳහා භාවිත කර ඇත. ඒක වෙනම අරගෙන කරලා තිබෙනවා. අදාළ ලිත් මුද්‍රණය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයෙහි ප්‍රගතිය අපට දන්වා නැහැ.
(ii), (iii), (iv) හි සඳහන් ප්‍රශ්න තුනටම අදාළ පිළිතුර මෙසේයි. අපගේ දෙපාර්තමේන්තුවෙන් වියදම් කර නැහැ. මේ අය කෙළින්ම අමාත්‍යාංශයෙන් අරගෙන මේ වියදම සිදු කර තිබෙනවා. ඒ නිසා මෙය අපට අදාළ නැහැ, ගරු කථානායකතුමනි.
(ii), (iii), (iv) මූල්‍ය අපරාධ විමර්ශන ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks