04

E   |     |  

 දිනය: 2015-12-16   පිළිතුර ලබා දී ඇත 

0226/2015: Report of the Ravi Algama Committee to investigate alleged corruption in Sri Lanka Cricket

226/’15

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පසුගිය රජය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රවී අල්ගම මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර තිබේද;

(ii) එසේ නම්, එම කමිටුවේ සාමාජිකයින්ගේ නම් කවරේද;

(iii) එම කමිටුව පත්කරන ලද දිනය කවරේද;

(iv) අදාළ කමිටුවේ වාර්තාව සකස් කිරීම සඳහා දරන ලද වියදම කොපමණද;

(v) එම වාර්තාව සැකසීම අවසන් කර තිබේද; එසේ නම්, එම දිනය කවරේද;

(vi) එම වාර්තාවෙන් හඳුනා ගත් දැඩි අක්‍රමිකතා, දූෂණ සහ වංචා කවරේද;

(vii) එම කමිටු වාර්තාව සභාගත කරන්නේද;

(viii) අදාළ කමිටු වාර්තාවෙන් චෝදනා ඉදිරිපත් වූ අය ඇත්නම්, ඔවුන්ගේ නම් කවරේද;

(ix) ඔවුන්ට අදාළව ගෙන ඇති විනය හා නීතිමය පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-16

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks