පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් “පාලම් දහස” නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ දිනය කවරේද;
(ii) තෝරාගත් පාලම් 1000 ප්‍රාදේශීය සභා මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අදාළ පාලම් දහස තෝරාගත් ක්‍රමවේදය සහ අදාළ දිනය හා වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) උක්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල කොපමණද;
(ii) අදාළ මුදල් ලබාගන්නා දේශීය හා විදේශීය මූල්‍ය ආයතන කවරේද;
(iii) ඒ සඳහා වූ පොළී අනුපාතය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) මෙම පාලම් දහස ඉදිකිරීම සඳහා වගකීම් භාරදුන් ඉදිකිරීම් සමාගම් කවරේද;
(ii) අදාළ සමාගම් හෝ ආයතන සමග ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කළ දිනයන් සහ අදාළ ගිවිසුම් ප්‍රකාරව ඉදිකිරීම් අවසන් කළ යුතු දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා සභාගත කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-12
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්. එය අදියර 3ක් යටතේ පාලම් 1210ක් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතියකි. පාලම් දහස (1000) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහත II හා III අදියර වේ.
(ආ) (i) අදාළ දිනයන් පහත පරිදි වේ.
|
අදියර |
පාලම් ගණන |
කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම |
|
I |
210 |
2011 සැප්තැම්බර් 08 |
|
II |
537 |
2014 මැයි 06 |
|
III |
463 |
2014 ජූනි 15 |
පාලම් දහස (1000) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉහත II හා III අදියර වේ.
(ii) ඉහත පාලම් 1210 අතරින් දැනට තෝරා ගෙන ඇති පාලම් ප්‍රමාණය 692ක් වන අතර, ඒවායේ ව්‍යාප්තිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව ඇමුණුම 1* මඟින් දක්වා ඇත.
(iii) ජනාධිපති ලේකම්ගේ CSA /1/22/1/1 දරන 2015.11.13 දිනැති ලිපිය මඟින් ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ III වන අදියර මෙම අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මේ දක්වා ඉදිකිරීමට හඳුනා ගෙන නොමැති පාලම් 284ක් සඳහා යෝග්‍ය ස්ථාන හඳුනා ගැනීම මෙම අමාත්‍යාංශය යටතේ සිදු කෙරේ.
එහිදී සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපියක් මඟින් දැනුවත් කොට, එතුමන්ලාගෙන් ලබා ගන්නා පාලම් යෝජනා ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේත්, ග්‍රාම නිලධාරින්ගේත් නිරීක්ෂණ ඇතුළත්ව, ප්‍රමුඛතා ගත කර මෙම අමාත්‍යාංශය වෙත ගෙන්වා ගැනීමෙන් පසුව, පාලම් අවශ්‍යතාව හා බෙදී යාමේ සාධාරණත්වය අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
(ඇ) (i), (ii), (iii) සඳහා පිළිතුර: උක්ත ව්‍යාපෘතිය සඳහා අදාළ ඇස්තමේන්තුව, මුදල් ලබා ගන්නා විදේශීය මුල්‍ය ආයතන සහ ඒ සම්බන්ධයෙන් වන පොලී අනුපාත අදියර අනුව පහත වගුව පරිදි වේ. දේශීය මුල්‍ය ආයතනවලින් මුදල් ලබාගෙන නොමැත
|
අදියර |
ඇස්තමේන්තුගත මුදල |
පොලී අනුපාතය |
මුල්‍යනය කරන ආයතනය |
|
II |
බ්‍රිතාන්‍ය පවුම් මිලියන 80 බ්‍රිතාන්‍ය පවුම් මිලියන 20 එකතුව බ්‍රිතාන්‍ය පවුම් මිලියන 100
යුරෝ මිලියන 84 යුරෝ මිලියන 21 එකතුව යුරෝ මිලින 105 |
Libor+1.5 Libor+4.5
Euribor+1.45 Euribor+4.0 |
Deutsche Bank AG London
Cooperative Centrale Raiffeisen Boerenleenbank B.A.(Rabobank) |
(ඈ) (i)
|
අදියර |
පාලම් සංඛ්‍යාව |
ඉදිකිරීම් වගකීම භාර දුන් ආයතනය |
|
II
III |
537
463 |
Cleveland Bridge UK Limited, Clevland House, PO Box 27, Yarm Road, Darlington, DL1, 4DE, UK.
Janson Bridging International BV, Keizersveer 9, 4273 LD Hank The Nederland. |
(ii) අදාළ ආයතන සමඟ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් කළ දිනයන්, ඉදිකිරීම් ආරම්භ කළ යුතු දිනයන් හා ඉදිකිරීම් අවසන් කළ යුතු දිනයන් පහත පරිදි වේ.
|
අදියරය |
පාලම් සංඛ්‍යාව |
ගිවිසුම් අත්සන් කිරීම |
ඉදිකිරීම් ආරම්භ කිරීම |
ඉදිකිරීම් අවසන් කිරීම |
|
II III |
537 463 |
2014.05.06 2014.06.15 |
2014 ඔක්තෝබර් 20 2015 පෙබරවාරි 18 |
2017 ඔක්තෝබර් 20 2018 පෙබරවාරි 18 |
(ඉ) පිළිතුරු ඉහතින් සපයා ඇත.
පිළිතුරු දුන් දිනය
2016-02-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks