04

E   |     |  

 දිනය: 2016-02-10   පිළිතුර ලබා දී ඇත 

0223/2016: පෞද්ගලික අංශයේ සේවකයන් : වැටුප් වැඩි කිරීම

223/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 වර්ෂය සඳහා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අවම වැටුප රු.2500/- කින් වැඩි කරන බවට ප්‍රකාශ කළ බවත්;

(ii) එහෙත්, 2015 නොවැම්බර් 01 දින දක්වා කිසිදු පෞද්ගලික අංශයේ සේවකයකුට අදාළ රු. 2500/-ක වැටුප් වැඩි කිරීම නොලැබුණු බවත්;

(iii) රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රු. 10,000/-කින් වැඩි කිරීම නිසා, 2016 වර්ෂය සඳහා හිඟ වැටුප ද සමග පෞද්ගලික අංශයේ අවම වැටුප රු.5000/-කින් වැඩි විය යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) 2015.11.01 දිනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව, ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඔවුන් අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය නොලැබූ ශ්‍රමිකයන් සිටින්නේද;

(iii) එසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-10

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බල ශක්තිය ඇතුළු යෙදවුම් පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 2,500කින් වැඩි කිරීමට සලකා බලන ලෙස 2015 අතුරු අය වැය මඟින් පෞද්ගලික අංශයෙන් ඉල්ලන ලදි.

              (ii)      පෞද්ගලික අංශය විසින් අදාළ පඩි වැඩි කිරීම කළ යුතු වේ.

             (iii)      එය පෞද්ගලික අංශය විසින් තීරණය කළ යුතු වේ.

(ආ) (i) ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන සමස්ත ශ්‍රමිකයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු පහත වගුවෙහි දැක්වේ.

 

වසර

පෞද්ගලික අංශය

එකතුව

 

පුරුෂ

ස්ත්‍රී

 

2014

2,458,487

1,003,373

3,461,860

2013

2,411,546

1,008,991

3,420,537

2012

2,396,915

958,754

3,355,669

2011

2,351,346

968,791

3,320,137

2010

2,223,986

953,014

3,177,000

මූලාශ්‍රය: ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

(ii) සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය නොලැබූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තා නොවන අතර, එම අරමුදල සඳහා දායකත්වය ලබන ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.

 

වසර

සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය ලබන ශ්‍රමිකයන් සංඛ්‍යාව

2014

2,493,681

2013

2,445,252

2012

2,382,166

2011

2,255,821

2010

2,195,426

 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

2014 සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2,493,681යි. 2015 තොරතුරු ලබාගන්න පුළුවන්කමක් තවම ලැබුණේ නැහැ. නමුත් දළ වශයෙන් ලක්ෂ 25.5ක් ලෙස තමයි ගණනය කර තිබෙන්නේ.

 

පිළිතුරු දුන් දිනය

2016-02-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks