01

E   |     |  

 දිනය: 2015-12-17   පිළිතුර ලබා දී ඇත 

0219/2015: ලියා පදිංචි රාජ්‍ය නොවන සංවිධාන : විස්තර

219/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ජාතික සංවාද පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 ජනවාරි මස 01 දින වනවිට මෙරට ලියාපදිංචි කර තිබූ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) කවරේද;

             (ii)       එම සංවිධානයන්හි ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) (i) 2015.01.01 දින සිට 2015.11.01 දින දක්වා මෙරට ලියාපදිංචි කර ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) කවරේද;

(ii) එම සංවිධානයන්හි සංවිධායකයින්ගේ සම්බන්ධීකරණ තොරතුරු කවරේද;  

යන්නත් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) ඉහත සඳහන් සංවිධානයන්ට,

(i) 2000.01.01 දින සිට මේ වනතෙක් ලැබී ඇති වාර්ෂික මූල්‍යාධාර ප්‍රමාණය;

(ii) එකී අරමුදල් සපයා ඇති විදේශ රාජ්‍ය හෝ සංවිධාන කවරේද;

(iii) එකී අරමුදල් සම්පාදනය කොට ඇති විදේශ රාජ්‍ය හා සංවිධාන අදාළ අරමුදල් ලබාදී ඇති අරමුණු;

කවරේද යන්න එක් එක් සංවිධානය අනුව වෙන් වෙන් වශයෙන් එතුමා තවදුරටත් මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-17

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)        2015 ජනවාරි මස 01 වන දින වන විට මෙරට ලියාපදිංචි කර තිබූ දේශීය රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 1064ක් වන අතර, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 381කි.

  (ii)     එම සංවිධානවල නම, ලිපිනය, ලියාපදිංචි අංකය ඇතුළු විස්තර පිළිවෙළින් ඇමුණුම 1 සහ 2 මඟින් ඉදිරිපත් කරමි.

           එහි සඳහන් වී තිබෙනවා, "Pushpa Rajapaksa Foundation, අංක 78, රොස්මීඩ් පෙදෙස, කොළඹ 07" කියා.

 tabled...

(ආ)         (i)        2015.01.01 දින සිට 2015.11.01 දින දක්වා මෙරට ලියා පදිංචි කර ඇති දේශීය රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 17කි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 04කි.

              (ii)        එම සංවිධානවල නම, ලිපිනය, ලියා පදිංචි අංකය ඇතුළු විස්තර පිළිවෙළින් ඇමුණුම 3 සහ ඇමුණුම 4 මඟින් ඉදිරිපත් කරමි.

(ඇ)         (i)        2000.01.01 දින සිට 2011 වසර දක්වා රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී ඇති මූල්‍යාධාර පිළිබඳ වාර්තා ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර නැත. 2011 වසරේදී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය මඟින් අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස මෙම සංවිධානවලින් ඉල්ලීමක් කර ඇතත්, ප්‍රතිචාර දක්වා ඇත්තේ ආයතන කිහිපයක් පමණි. ඒ අනුව වසර තුනක් සඳහා තොරතුරු ඉදිරිපත් කළ ආයතනවලට ලැබී ඇති සමස්ත මූල්‍යාධාර ප්‍රමාණය පහත දැක්වේ;

2011 - රුපියල් 13,926,610,942.00 (රුපියල් මිලියන දහතුන් දහස් නමසිය විසි හයයි දශම හයයි එකයි)

2012 - රුපියල් 11,488,308,761.00 (රුපියල් මිලියන එකොළොස් දහස් හාරසිය අසූ අටයි දශම තුනයි බිංදුවයි අටයි)

2013 - රුපියල් 10,840,293,929.00 (රුපියල් මිලියන දහදහස් අටසිය හතළිහයි දශම දෙකයි නමයයි තුනයි)

(ii)  ඇමුණුම 1 සිට 4 දක්වා සඳහන් ආයතනයන්හි මව් සංවිධාන මඟින් අරමුදල් සපයා ඇත. ඊට අමතරව, අරමුදල් සපයා ඇති ජාත්‍යන්තර ආයතන පහත දැක්වේ.

JAIKA, USA, European Union, AUSAID, CIDA

(iii)  1 සිට 4 දක්වා ඇමුණුම්වල 09 වන තීරුවෙහි දක්වා ඇති සංවිධානයන්හි අරමුණු ඇමුණුම 5 මඟින් විස්තර කොට දැක්වේ.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks