පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
211/’15
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය රජය මගින් ද්විතියික පාසල් 1000ක් සහ ප්‍රාථමික පාසල් 5000ක් සඳහා යටිතල පහසුකම් සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක ED/3/37/6/147/sub හා 2013.01.11 දිනැති ලිපිය මගින් මහජන නියෝජිතයින්ගෙන් යෝජනා කැඳවන ලද බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඒ අනුව, ද්විතියික පාසල් 1000ක් සංවර්ධනය කිරීමට සමගාමීව, කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අයත් දෙමළ මාධ්‍ය මුස්ලිම් ප්‍රාථමික පාසල් සංවර්ධන කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා කවරේද;
(ii) එම යෝජනා ඉදිරිපත් කරන ලද මහජන නියෝජිතයින්ගේ නම්, තනතුරු සහ එසේ යෝජනා කරන ලද පාසල් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) එම යෝජනා අතරින් ක්‍රියාවට නැංවූ වැඩසටහන් කවරේද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) ඒ සඳහා වියදම් කළ මුදල දළ වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-28
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) (i) උක්ත ලිපිය (ඇමුණුම 01)* මඟින් මහජන නියෝජිතයන්ගෙන් කැඳවන ලද්දේ ද්විතීයික පාසල් දහසක් හා ප්‍රාථමික පාසල් පන්දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහනට ඇතුළත් කිරීමට යෝජිත ද්විතියික පාසල් සම්බන්ධයෙන් යෝජනා හා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහාය. මෙම සාකච්ඡාවේදී කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අයත් දෙමළ මාධ්‍ය මුස්ලිම් ප්‍රාථමික පාසල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා කිසිවක් ඉදිරිපත්ව නොමැත.
(ii) එම දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය මුස්ලිම් ද්විතියික පාසල් සඳහා යෝජනා කිසිවක් ඉදිරිපත්ව නොමැත.
(ඇ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-01-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks