01

E   |     |  

 දිනය: 2015-12-16   පිළිතුර ලබා දී ඇත 

0207/2015: Permanent Home for Ms. Najeerdeen from Kandy

207/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මහනුවර, කැප්පෙටිපොල මාවත, අංක 14/3 දරන ස්ථානයේ එවකට පදිංචිව සිටි, කේ. එස්. නාජිර්දීන් මහතා සහ එම පවුලේ සාමාජිකයින්ට අයත් නිවස, බස් නැවතුම්පොල දෙවන අදියර ඉදිකිරීම සඳහා කඩා ඉවත් කරන ලද බවත්;

(ii) නාජිර්දීන් මහතා සහ පවුලේ සාමාජිකයින්ට පල්ලේකැලේ, ගම්උදා භූමියේ පිහිටි පේලි නිවාස අංක 02 යන ස්ථානයේ තාවකාලික පදිංචිය සඳහා අවසර ලබාදී තිබුණද, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ස්ථිර නිවසක් මෙතෙක් ලබාදී  ‍නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) නාජිර්දීන් මහතාගේ වැන්දඹු බිරිඳ සිය දරුවන් සමග දැනට දෙල්තොට, රලිමන්ගොඩ, අංක 402 දරන ස්ථානයේ පදිංචි වී සිටින අතර, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂගේ අංක 5/සීපී/8/5/11 හා 1997/11/12 දිනැති ලිපිය මගින් පොරොන්දු වී ඇති පරිදි පදිංචිය සඳහා, මහනුවර නගරයේ නිවසක් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2015-12-16

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks