01

E   |     |  

 දිනය: 2015-12-12   පිළිතුර ලබා දී ඇත 

0205/2015: Mr. A.M.Sahabdeen - for a laborer post in a school

205/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මඩවල කඩවීදිය, බංගලාගෙදර, අංක 21 දරන ස්ථානයේ පදිංචි ඒ. එම්. සහබ්දීන් මහතා, මහ/මදීනා ජාතික විදුහලේ ප්‍රාථමික අංශයේ කම්කරුවෙකු ලෙස 2006 වර්ෂයේ සිට සේවය කරන බවත්;

(ii) ඔහුගේ සේවය සහ සේවා කාලය සැලකිල්ලට ගෙන අනියම් හෝ තාවකාලික පදනම මත සේවයේ පිහිටුවීම සඳහා අදාළ ලිපිලේඛන විටින් විට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවත්, ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;

(iii) අවසන් වරට, 2014.11.18 දිනැති අයදුම්පත, විදුහල්පති/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කර ඇති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) සහබ්දීන් මහතාට අනියම් හෝ තාවකාලික පදනම මත කම්කරු පත්වීමක් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-12

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks