පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
204/’15
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම පළාතේ, මහනුවර, දෙල්තොට, මුස්ලිම් මහ විදුහලට (නවෝද්‍යා පාසල) නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන ජනාධිපති ලේකම්ගේ නියෝගය පරිදි මධ්‍යම පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්ගේ 2012.10.24 දිනැති අංක CPC/CMC/3/1/1 දරන ලිපිය මගින් මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් වාර්තාවක් කැඳවූ බවත්;
(ii) ඒ අනුව, 2012.11.12 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ස්ථානීය පරීක්ෂණයක් කර එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ පන්ති සංඛ්‍යාව අනුව, ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් නව දෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම සුදුසු යැයි නිර්දේශ කරන ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම විදුහල සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-11
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks