පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
197/’15
ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2003 වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේදී එහි සේවය කළ 3100ක් වූ සේවක සංඛ්‍යාවෙන් 1500ක පමණ පිරිසකට රැකියා අහිමි වූ බවත්;
(ii) යම් ආයතනයක් පර්ක් ආයතනය හරහා විකිණීමේදී සේවකයින්හට හිමිවිය යුතු 10% ප්‍රතිලාභයද ඔවුන්ට අහිමි වූ බවත්;
(iii) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් අනුව පසුගිය පාලන සමයේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගැනීමක් සිදු වුවද, සේවය අහිමි වූ සේවකයන් සෑම දෙනාම නැවත සේවයේ පිහිටුවීමක් සිදු නොවූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) නැවත රැකියාව නොලැබීමෙන් අසාධාරණයට ලක්වූ සේවකයින්ට විසඳුමක් ලබාදීම සඳහා කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-04
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks