01

E   |     |  

 දිනය: 2015-12-01   පිළිතුර ලබා දී ඇත 

0195/2015: Land for resettled people in Bogaswewa , Vavuniya

195/’15

 

ගරු විජිත හේරත් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වවුනියාව දිස්ත්‍රික්කයේ, බෝගස්වැව කලාපයේ, යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පවුල් 312ක් නැවත පදිංචිකර ඇති බවත්;

(ii) මෙම වැඩසටහන යටතේ ඔවුන්ට ගොඩ ඉඩම් අක්කර 1ක් සහ කුඹුරු ඉඩම් අක්කර 1ක් ලබාදීමට නියමිතව තිබූ බවත්;

(iii) මේ වනවිට අවුරුදු 3ක් ගතවී ඇතත්, ඉහත සඳහන් පරිදි ඉඩම් ලබාදීමක් සිදුවී නොමැති බවත්;

(iv) තම ජීවනෝපාය අහිමි වීමෙන් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ‍මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නේද;

 

(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ගය කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-01

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks