පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
194/’15
ගරු ජයන්ත සමරවීර මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සඳහා සැකකරුවන් වී සිටින සහ දඬුවම් ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඔවුන්ගේ නම්, වරදේ ස්වභාවය, ඔවුන් දැනට රඳවා සිටින බන්ධනාගාරය හා සිර මැදිරි අංකය, සිරකරුවා අනුව වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) 2015 ජනවාරි සිට 2015 ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ ඇප ලබාදී ඇති හා නිදහස්කර ඇති එල්. ටී. ටී. ඊ. සැකකරුවන් හා සිරකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) ඔවුන්ගේ නම්, ඇප ලබාදුන් හෝ නිදහස් කළ උසාවිය, සිරකඳවුර හා නිදහස් කළ දිනය එක් එක් පුද්ගලයාට වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සභාගත කරන්නෙහිද?
(ඉ) (i) එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වැරදි සඳහා දඬුවම් ලැබූවන් දේශපාලන සිරකරුවන් වශයෙන් සැලකීමට රජය නිගමනයකට එළඹ තිබේද;
(ii) එසේ නම්, එසේ නිගමනයකට එළඹීමට හේතු කවරේද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-01
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks