04

E   |     |  

 දිනය: 2015-12-15   පිළිතුර ලබා දී ඇත 

0193/2015: Army Intelligence Officers arrested regards to Prageeth Eknaligoda case

193/’15

 

ගරු ජයන්ත සමරවීර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)          (i)      ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමේ සිද්ධියට අදාළව, හමුදා බුද්ධි අංශයේ  සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් 11ක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්;

(ii) මීට අදාළව, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත, ගිරිතලේ හමුදා කඳවුරේ තිබූ රහසිගත ලේඛන, ඡායාරූප හා වාර්තා රහස් පොලීසිය විසින් පරීක්ෂා කිරීම සඳහා එම කඳවුරෙන් බැහැර කර ඇති බවත්;

(iii) මෙම ක්‍රියාමාර්ග නිසා බුද්ධි අංශය සතු, ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් තොරතුරු හෙළිදරව්වීමේ අනතුරක් තිබෙන බවත්;

(iv) මෙමගින් බුද්ධි අංශ නිලධාරීන් දුර්මුඛවීම හා අධෛර්යයට පත්වීමෙන් බුද්ධි ක්‍රියාවලි දුර්වලවීම මගින් ජාතික ආරක්ෂාවට නිෂේධනාත්මක බලපෑමක්  සිදුවිය හැකි බවත්;

(v) මෙම ක්‍රියාවලිය නිසා බුද්ධි අංශ නිලධාරීන්ගේ අනන්‍යතාවයන් හෙළිවීමෙන් 2002 මිලේනියම් සිටි සිද්ධියේදී මෙන් එම නිලධාරීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) අ(i) හි සඳහන් බුද්ධි අංශ නිලධාරීන් දැනට රඳවා තිබෙන ස්ථානය කවරේද; ඔවුන් භාරව සිටින නිලධාරියා කවුරුන්ද;

(ii) ඉහත ක්‍රියාවලිය නිසා බුද්ධි අංශ නිලධාරීන්ට එල්ල විය හැකි ජීවිත අවදානම් වළක්වා ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-15

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks