පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
191/’15
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 - 2014 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිලදී ගනු ලැබූ නව බස්රථ සංඛ්‍යාව වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) බස්රථ මිලදී ගැනීම සඳහා වැය කළ මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම නව බස්රථ ලබාදුන් ඩිපෝ කවරේද;
(iv) ලංකා අසෝක් ලේලන්ඩ් සමාගමෙන් WP NB - 6028, WP NC - 6049, WP NB - 6051, WP NB - 6057, WP NB - 6067, WP NB - 6671, WP NB - 7750, WP NB - 7751, WP NB - 7752, WP NB - 7967, WP NC - 0653, WP NC - 1307, WP NC - 1746 සහ WP NC - 2016 යන අංක දරන බස්රථ 14 මිලදී ගැනීම සඳහා කොපමණ මුදලක් වැයකර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත අ(iii) හි සඳහන් බස්රථ 14 දැනට ශ්‍රී. ලං. ග. ම. ය සතුව තිබේද;
(ii) එසේ නම්, එම බස්රථ අයත් ඩිපෝ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-14
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් කල්බදු ක්‍රමය යටතේ සහ මහා භාණ්ඩාගාරයේ අරමුදල් යටතේ පහත සඳහන් පරිදි බස් රථ ලබා ගෙන ඇත.
|
වර්ෂය |
කල්බදු ක්‍රමය යටතේ ලබාගත් බස් රථ |
මහා භාණ්ඩාගාර අරමුදලින් ලබාගත් බස් රථ |
බස් රථ එකතුව |
|
2010 |
නැත |
නැත |
නැත |
|
2011 |
162 |
නැත |
162 |
|
2012 |
158 |
120 |
278 |
|
2013 |
40 |
281 |
321 |
|
2014 |
1346 |
නැත |
1346 |
|
එකතුව |
1706 |
401 |
2107 |
(ii) කල්බදු ක්‍රමය යටතේ සහ මහා භාණ්ඩාගාර අරමුදල්වලින් බස්රථ මිලදී ගැනීම සඳහා එක් එක් වර්ෂවල දී වැය කළ මුදල පහත දැක්වේ.
|
වර්ෂය |
කල්බදු ක්‍රමය යටතේ ලබාගත් බස් රථ වෙනුවෙන් වැය කිරීම (රු.මි) |
මහා භාණ්ඩාගාර අරමුදලින් ලබාගත් බස්රථ වෙනුවෙන් වැය කිරීම (රු.මි.) |
වැය කළ මුදල (රු.මි.) |
|
2011 |
84.00 |
නැත |
84.00 |
|
2012 |
469.60 |
500.00 |
969.60 |
|
2013 |
655.03 |
792.61 |
1447.64 |
|
2014 |
720.73 |
නැත |
720.73 |
|
එකතුව |
1929.36 |
1292.61 |
3221.97 |
(iii) ඇමුණුම අංක 1 හා 2 හි දැක් වේ. ඇමුණුම් සභාගත* කරමි.
(iv) ඉහත දැක්වෙන බස්රථ කිසිවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන නොමැත. මේ සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් ලියාපදිංචි සහතික පිටපත් 13ක් ඇමුණුම අංක 3 වශයෙන් දක්වා ඇත. WP - NC- 6049 ලෙස බස් රථයක් ලියාපදිංචි වී නොමැත.
මම ඒ ගැන සොයා බැලුවා. WP - NC- 6049 කියන ලියාපදිංචි අංකය තවම පිටවෙලාවත් නැහැ.
(ආ) (
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
පාර්ලිමේන්තුව නරඹන්න
දැනුමට
සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු
පාර්ලිමේන්තුවේ කටයුතු
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය
පාර්ලිමේන්තුව සජීවීව