පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
182/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2012 එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 හි 4(2) පරිච්ඡේදය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් 2014.03.21 දිනැති අංක 1854/41 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ගැසට් නිවේදනයෙන් ත්‍රස්තවාදී කටයුතු හා බැඳුනු අපරාධවලට සම්බන්ධ බවට ප්‍රකාශයට පත්කරන ලද සංවිධාන සංඛ්‍යාව සහ පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) අදාළ සංවිධාන සහ පුද්ගලයින්ගේ සියලු තොරතුරු සහිත විස්තරයක් සභාගත කිරීමට කටයුතු කරන්නේද;
(iii) නොඑසේ නම්, ඒ මන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් 1976 වර්ෂයේ සිට සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉහත ආ (i) හි සඳහන් සංවිධාන සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේද;
(ii) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 2001 සැප්තැම්බර් මස 28 වැනි දින සම්මත කරනු ලැබූ යෝජනා අංක 1373හි සඳහන් විධිවිධාන වලට අනුකූලව අදාළ සැකකරුවන් අප රටට ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-08
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) සංවිධාන 16ක් සහ පුද්ගලයින් 424.
(ii) ඔව්.
2014.03.21 දිනැති ගැසට් නිවේදනය අනුව සංවිධාන 16ක් සහ පුද්ගලයින් 424කි.
2015.11.20 දින සංශෝධිත ගැසට් නිවේදනයට අනුව සංවිධාන 08ක් සහ පුද්ගලයින් 155කි.
ඒ සඳහා වන ඇමුණුම 01 සහ ඇමුණුම 02 සභාගත* කරනවා.
(iii) පැන නොනඟී.
(ඇ) (i),(ii) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ විෂය පථයට අයත් වන බැවින් ඒ සඳහා එම අමාත්‍යාංශයෙන් විමසන්නේ නම් මැනවි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-12-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks