බලන්න

01

E   |     |  

 දිනය: 2015-11-23   පිළිතුර ලබා දී ඇත 

0179/2015: පු/කල්/පුලංච්චේන මුස්ලිම් මහ විදුහල: ගොඩනැඟිලි පහසුකම්

179/’15

 

ගරු (වෛද්‍ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      ශිෂ්‍යයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පුත්තලම දිස්ත්‍රික්කයේ පු/කල්/පුලංච්චේන මුස්ලිම් මහ විදුහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා ගොඩනැගිලි පහසුකම් නොමැති වීම අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට බාධාවක් වී තිබෙන බව එතුමා දන්නෙහිද?

 

(ආ) එම පාසැලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින්ගේ පහසුව පිණිස 60’x25’ ප්‍රමාණයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරදීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       බාධාවක් වී නොමැත.

(ආ)     නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාවක් නොමැත.

(ඇ)     මෙම පාසලට ගොඩනැඟිලි හිඟයක් නොමැත. අදාළ විස්තර සහිත ඇමුණුම ඉදිරිපත් කරමි. ඇමුණුම සභාගත* කරමි.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:                                                                        

පාසලේ පවත්නා ගොඩනැඟිලි පිළිබඳ තොරතුරු.

අ.අ.

ගොඩනැගිල්ලේ ප්‍රමාණය (ව.අ.)

පන්ති සංඛ්‍යාව

සංඛ්‍යාව

වර්ග අඩි ප්‍රමාණය

01

100X20

5

01

2,000

02

120 X20

6

01

2,400

03

  60 X20

6

03

3,600

 

 

17

05

8,000

පාසලක එක් ශිෂ්‍යයෙකු සඳහා තිබිය යුතු ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 10කි. මෙම පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 585කි. ඒ අනුව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා වර්ග අඩි 5,850ක් අවශ්‍ය වේ. දැනට පාසලේ සිසුන් සඳහා වර්ග අඩි 8,000ක ඉඩකඩ ප්‍රමාණයක් පවතී.

ඉහත තොරතුරු අනුව පු/පුලච්චේන මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය ප්‍රමාණයට සරිලන ගොඩනැගිලි පහසුකම් ඇති බව කාරුණිකව දන්වමි.

පිළිතුරු දුන් දිනය

2015-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks