02

E   |     |  

 දිනය: 2015-11-26   පිළිතුර ලබා දී ඇත 

0172/2015: දකුණු පළාතේ රැකියා විරහිත පුහුණු ගුරුවරුන් : බඳවා ගැනීම

172/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2011.03.29 දිනැති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා තීරණයට අනුව, රැකියා විරහිත පුහුණු ගුරුවරුන් රජයේ පාසල්වලට පත්කිරීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විධිමත් සම්මුඛ පරීක්ෂණ පවත්වා, නාම ලේඛන 06ක්, 2011.05.03 දින රේඛීය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවත්;

(ii) එම ලේඛන 06න්, ලේඛන 04ක නම් සඳහන් පුද්ගලයින්ට පමණක්, පත්වීම් ලබා දීමට රේඛීය අමාත්‍යාංශය අනුමතිය ලබාදී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉතිරි නාම ලේඛන 02හි නම් සඳහන් පුද්ගලයින්, රජයේ පාසල් ගුරුවරුන් වශයෙන් බඳවා ගන්නා දිනය එතුමා මෙම සභාවට දන්වා සිටින්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-26

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)      එම ගුරුවරුන් පිරිස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් සුදුසුකම් සපුරා නොමැති බැවින්, බඳවා ගැනීම් සුදුසු නොවන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව                  විසින් දන්වා ඇති බැවින් එම පිරිස බඳවා ගැනීමට ප්‍රතිපාදන නොමැත.

(ඇ)            අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks