පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0273/’10
ගරු රාජීව විජේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “ඉන්ටර්නැෂනල් ක්‍රයිසීස් ගෲප්” නමැති සංවිධානයක් පිළිබඳව එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම සංවිධානයේ නියෝජිතයින් දැනට ශ්‍රී ලංකාව තුළ සිටිත් ද, එසේත් නැති නම්, පසු ගිය වර්ෂ 10ක කාලය තුළ සිටියෝ ද;
(ii) එම සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූයේ කවර විධිවිධාන යටතේද;
(iii) එහි ජාත්‍යන්තර ක්‍රියාකාරිකයින් සඳහා වීසා බලපත් ලබා දුන්නේ කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවනු ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ නම් කවරේද;
(ii) ඔවුන් සතු අධ්‍යාපනික හෝ වෙනත් සුදුසුකම් කවරේද;
(iii) “ඉන්ටර්නැෂනල් ක්‍රයිසීස් ගෲප්” සංවිධානය විසින් ඒ එක් එක් තැනැත්තාට ගෙවන ලද මුදල සහ ඒවා ගෙවූ පදනම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) මෙම සංවිධානය හෝ එහි සේවකයින්ගෙන් කිසිවකු ශ්‍රී ලංකාවේදී බදු ගෙවිය යුතුව තිබේද;
(ii) එසේ නම්, ඔවුන් එම වගකීම ඉටු කර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-07
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks