04

E   |     |  

 දිනය: 2015-11-27   පිළිතුර ලබා දී ඇත 

0168/2015: දිවි නැඟුම දීමනාලාභීන්: උඩුනුවර මැතිවරණ බලප්‍රදේශය

168/’15

 

ගරු ලකී ජයවර්ධන මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      පසුගිය රජය සමයේ දේශපාලන හේතූන් මත, උඩුනුවර මැතිවරණ බලප්‍රදේශයේ දිවි නැගුම දීමනා නොලැබූ අඩු ආදායම්ලාභී පවුල් සිටින බව  එතුමා දන්නේද;

(ii) එසේ නම්, ඔවුන්ට කඩිනමින් එම දීමනා ලබාදීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උඩුනුවර මැතිවරණ බලප්‍රදේශය තුළ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මාසිකව දීමනා ලබාදෙන අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන්ට ලබාදෙන දීමනාවල මුළු මාසික වටිනාකම කොපමණද;

(iii) මෙම දීමනා කාණ්ඩ වශයෙන් වෙන්කර තිබේද;

(iv) එසේ නම්, කාණ්ඩ අනුව එක් එක් අයට දීමනා ලබාදෙන ආකාරය කවරේද;

(v) එසේ කාණ්ඩ අනුව දීමනා ලබාගන්නා පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) 2015 ජනවාරි 08 දින බිහිවූ යහපාලනය තුළ දිවි නැගුම දීමනාලාභීන් සඳහා දීමනා වැඩිකර තිබේද;

(vii) එසේ නම්, ඒ එක් එක් අයට මාසිකව දීමනා වැඩිවූ ආකාරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) උඩුනුවර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ දිවි නැගුම දීමනා ලබන පවුල්වල නම්, ලිපිනයන් හා ඔවුන් ලබා ගන්නා දීමනා ප්‍රමාණයන්, ‍ග්‍රාමසේවා කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-27

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      විවිධ හේතු නිසා දිවි නැඟුම දීමනා / සහනාධාර නොලබන අඩු ආදායම්ලාභී පවුල් සිටින බව පිළිගනිමි. එම නිසා සහනාධාර ලැබිය යුතු අඩු ආදායම්ලාභීන් හඳුනා ගැනීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට දැනට පියවර ගෙන ඇත.

              (ii)      ඉහත (අ) (i) පරිදි සහනාධාර ලැබිය යුතු අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමට 2015.03.11වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සමීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත. එම දීමනා ලබා දීම සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් කර රාජ්‍ය පුවත් පත් වන "දිනමිණ", "Daily News", "තිනකරන්" යන පුවත් පත්වල  2015.10.28 දින දැන්වීමක් පළ කරන ලද අතරම, මේ වන විට සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය නිලධාරින් පුහුණු කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් සිදු වේ. ගරු කථානායකතුමනි, එම පරීක්ෂණ කටයුතුත් අවසන් වෙලා දැන් ඒක පටන් අරගෙන තිබෙනවා.

(iii) මෙම සමීක්ෂණය දීපව්‍යාප්තව සිදු කරන බැවින් හා ඊට පවුල් විශාල ප්‍රමාණයක් අදාළ වන නිසා සමීක්ෂණය මඟින් ලබා ගන්නා දත්ත හා තොරතුරු මත දිනය තීරණය කරනු ඇත. (අදාළ තොරතුරු ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කර සභාගත* කරමි.)

(ආ) (i) ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 6,822කි. උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි නැඟුම ප්‍රජා මූල බැංකු මට්ටමින් ප්‍රතිලාභී සංඛ්‍යාව ඇමුණුම 02 වශයෙන් සභාගත* කරමි.

(ii) පවුල් 6,822කට දිවි නැඟුම සහනාධාර ලබාදීම සඳහා මාසික වියදම රු. 16,982,720කි.

(iii) ඔව්. පවුලේ සාමාජික සංඛ්‍යාව පදනම් කර ගෙන පහත පරිදි කාණ්ඩගත කර ඇත.

පවුලේ සාමාජික සංඛ්‍යාව

04 හෝ 04ට වැඩි

03

03ට අඩු

සවිබල ගැන්වූ පවුල්

(iv) මෙයට අදාළ (2015/06) චක්‍රලේඛනය ඇමුණුම 03 වශයෙන් සභාගත* කරමි.

පවුලේ සාමාජික සංඛ්‍යාව

දැනට ගෙවනු ලබන සහනාධාර වටිනාකම රු:

04 හෝ 04ට වැඩි

3,500/-

03

2,500/-

03ට අඩු

1,500/-

සවිබල ගැන්වූ පවුල්

420/-

(v)  

පවුලේ සාමාජික සංඛ්‍යාව

දැනට ගෙවනු ලබන සහනාධාර වටිනාකම

ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව

04 හෝ 04ට වැඩි

3,500/-

2,917

03

2,500/-

1,311

03ට අඩු

1,500/-

2,228

සවිබල ගැන්වූ පවුල්

   420/-

   366

මුළු පවුල් සංඛ්‍යාව

6,822

(vi) ඔව්, දිවි නැඟුම සහනාධාර දීමනා වැඩි කර ඇත.

(vii) ඔව්. 2015 වර්ෂයේ අප්‍රේල් මස සිට එක් එක් කාණ්ඩය අනුව දිවිනැඟුම සහනාධාරය වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.

 

පවුලේ සාමාජික සංඛ්‍යාව

2015 මාර්තු මස දක්වා පැවති  සහනාධාර වටිනාකම රු.

2015 අප්‍රේල් මස සිට වැඩි කිරීමෙන් පසු  සහනාධාර වටිනාකම රු.

04 හෝ 04ට වැඩි

3,000/-

3,500/-

03

2,000/-

2,500/-

03ට අඩු

1,000/-

1,500/-

සවිබල ගැන්වූ පවුල්

420/-

420/-

(ඇ) උඩුනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙහි ප්‍රතිලාභි නාම ලේඛනය මේ සමඟ සභාගත* කරන්නෙමි.

(ඈ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks