පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
167/’15
ගරු ලකී ජයවර්ධන මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) 1977 දී එවකට නිවාස අමාත්‍යවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මහනුවර හන්තාන ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කළ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) නිවාස සංවර්ධන අධිකාරියට අයත් එම යෝජනා ක්‍රමයේ මුළු භූමි ප්‍රමාණය කොපමණද;
(ii) එහි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට සියලුම නිවාස පදිංචිකරුවන්ට ලබාදී තිබේද;
(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට එම භූමිය තුළ අධිකාරියට අයත් හිස් ඉඩම් තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා විසින් මෙම භූමියේ සුපිරි නිවාස ඉදිකිරීම සඳහා, ඉඩම් විකුණා තිබේද;
(iv) එසේ නම්, ඒ කා හටද; සහ එසේ විකුණු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(v) එම ඉඩම් විකිණීමෙන් අධිකාරිය ලැබූ ආදායම කොපමණද;
(vi) මේ වනවිට එම ඉඩම්වල සුපිරි නිවාස ඉදිකර තිබේද;
(vii) එසේ නම්, ඒවායේ විකුණුම් මිල කොපමණද;
(viii) අධිකාරිය ලැබූ ප්‍රතිලාභයන් කවරේද;
(ix) නිවාස ඉදිකර නොමැතිනම්, එම ඉඩම් යළි අධිකාරියට පවරා ගන්නේද;
(x) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-26
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) අක්කර 148යි, රූඩ් 02යි පර්චස් 03යි.
(ii) 395ක් පමණ.
(iii) ඔව්. මේ වන විට සියලුම නිවාස පදිංචිකරුවන් වෙත ලබා දී ඇත.
(iv) ඔව්. විකුණුම් පදනමින් ලබා දී ඇත.
(ඇ) (i) ඔව්.
(ii) පිඹුරු අංක 2542 අක්.26 රූඩ් 1 පර්. 3.2
මු.පි.මහ 2155 පිඹුර අක්.13 රූඩ් 1 පර්. 23.77
මු.පි.මහ 2129 පිඹුර අක්.02 රූඩ් 3 පර්.10.37
මු.පි.මහ 2188 පිඹුර අක්.01 රූඩ් 2 පර්.20.36
(iii) නැත.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(vi) අදාළ නොවේ.
(vii) අදාළ නොවේ.
(viii) අදාළ නොවේ.
(ix) අදාළ නොවේ.
(x) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks