පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0272/'10
ගරු රාජීව විජේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අධ්‍යාපන විද්‍යාපීඨ සහ අනිකුත් ගුරු පුහුණු ආයතනයන්හි අධ්‍යයන කාර්ය මණ්ඩලවල තනතුරු සඳහා බඳවා ගැනීම් සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර ඇති පැමිණිලි කවරේද;
(ii) එවැනි පැමිණිලි සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙතින් ලැබී ඇති තීන්දු කවරේද;
(iii) ඉහත කී තීන්දු ක්‍රියාත්මක කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එවැනි තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට පළ කරන ලද වෙළඳ දැන්වීම්වල සඳහන් වයස පිළිබඳ නියමයන් සම්බන්ධයෙන් පැවැති විෂමතාවන් කවරේද;
(ii) මේ සම්බන්ධයෙන් වන මානව හිමිකම් පිළිබඳ කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කරන බවට සහතිකවීමට සහ බඳවාගැනීම් නියමයන් සම්බන්ධයෙන් කිසියම් විෂමතාවන් ඇත්නම්, ඒවා නිවැරදි කිරීමට එතුමා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-06
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks