පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
153/’15
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වලට පාසල් පාදකව ගුරු සහායකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන ලදුව, අගලවත්ත, වියන්ගල්ල, අංක 25/2 දරන නිවසේ පදිංචි, එෆ්. රුෂානා මෆුර් මිය විසින් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන ලද බවත්;
(ii) ඒ අනුව ඇය සම්මුඛ පරීක්ෂණය සඳහා 2015.03.02 දින කැඳවීම් අංක 199 (B) යටතේ පෙනී සිටි බවත්;
(iii) ඇයගේ පදිංචි ප්‍රදේශයේ වතු පාසල්වල එම තනතුර සඳහා පුරප්පාඩු පැවතියද, රුෂානා මෆුර් මියට මෙතෙක් ගුරු සහායක පත්වීමක් ලබා දී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඇයට ගුරු සහායක පත්වීම නොපමාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks