බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-06   පිළිතුර ලබා දී ඇත 

0151/2015: රැකියා විරහිත උපාධිධාරින් : විස්තර

151/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 සැප්තැම්බර් 30 දින වනවිට රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද; ‍

             (ii)      එම උපාධිධාරීන් සංඛ්‍යාව ඔවුන් ලබා ඇති උපාධිය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) උපාධිධාරීන් වෙත රැකියා ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුවට ඇති වැඩපිළිවෙළ කවරේද;

(ii) ඒ අනුව 2015 වර්ෂය සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) දැනට වාර්තා වී ඇති ආකාරයට රාජ්‍ය සේවයේ උපාධිධාරීන් සඳහා වූ පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(ii) 2015 සිට 2019 දක්වා වර්ෂ පහ තුලදී විශ්වවිද්‍යාල තුළින් සහ බාහිර පාඨමාලා තුළින් උපාධිධාරීන් වීමට අපේක්‍ෂිත දූ දරුවන්ගේ සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

(iii) එකී වර්ෂ සඳහා රාජ්‍ය සේවයේ ඔවුන් වෙනුවෙන් නිර්මාණය වීමට නියමිත පුරප්පාඩු සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-06

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      උපාධිධාරින්, රජයේ ආයතනවල පමණක් නොව පෞද්ගලික අංශයේ හා විදෙස් රැකියාවල නිරත වන බැවින්ද, ස්වයං රැකියා හෝ ව්‍යාපාරවල නිරතව සිටිය හැකි බැවින්ද, නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව සමාලෝචනය කරමින් පවතී.

              (ii)      ඉහත (අ) (i) සඳහන් ක්‍රමවේදය සැකසීමේදී මේ සම්බන්ධව අවධානය යොමු කරනු ලැබේ.

(ආ) (i)  * ගරු අග්‍රාමාත්‍යතුමාගේ රැකියා දස ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන.

* රජයේ සංවර්ධන සැලැස්ම තුළින් රාජ්‍ය අංශයේ උත්පාදනය වන රැකියා අවස්ථා සහ පුරප්පාඩු සංඛ්‍යාව අනුව නියමිත බඳවා ගැනීම් පටිපාටි අනුගමනය කෙරෙමින් රාජ්‍ය අංශයට බඳවා ගැනීම.

2012 වසරේ උපාධිධාරි අභ්‍යාසලාභි පුහුණුව සඳහා ඇතුළත් වීමට අවස්ථාව නොලද අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරින් අතරින් සුදුසුකම් සම්පූර්ණ කරන ලද උපාධිධාරින් බඳවා                  ගැනීම සඳහා ලැබී ඇති අනුමැතිය අංක අමප/15/0906/610/013-I හා 2015.07.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම උපාධිධාරින් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම.

ස්වයං ව්‍යවසායකයන් ලෙස ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම.

(ii) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ උත්පාදනය වන රැකියා අවස්ථා මත තීරණය වේ.

(ඇ) (i) රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇතිවන අවස්ථාවන්වලදී, විවෘත තරග විභාග හෝ වෙනත් පිළිගත් ක්‍රමවේදද අනුගමනය කරන නිසා ඒ අනුව උපාධිධාරින් බඳවා ගැනීම තීරණය වේ.

(ii) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලද තොරතුරුවලට අනුව අදාළ විස්තර පහත දැක්වේ.

 

වර්ෂය

අපේක්ෂිත අභ්‍යන්තර හා බාහිර උපාධිධාරින් සංඛ්‍යාව

2015

26,005*

2016

27,538*

2017

26,198

2018

27,200

2019

27,596

(iii) රැකියා දශ ලක්ෂයේ වැඩසටහන ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එකී වැඩසටහන තුළ නිර්මාණය වන තනතුරුවලට අදාළව හා දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරි නිලධාරින් විශ්‍රාම යාම, වෙනත් සේවයක් වෙත මුදා හැරීම, ඉල්ලා අස් වීම, තනතුර අත හැර යාම හෝ පත්වීම අවසන් කිරීම මඟින් ඇතිවන පුරප්පාඩු.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-12-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks