04

E   |     |  

 දිනය: 2010-07-05   පිළිතුර ලබා දී ඇත 

0270/2010: Training in Kandyan Dancing

0270/'10

 

ගරු රාජීව විජේසිංහ මහතා,— ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      උඩරට නැටුම් හා බෙරවාදන පුහුණුවීම සඳහා රජය සහ අනෙකුත් ආයතන මඟින් සපයා දී ඇති අවස්ථා කවරේද;

            (ii)      මෙම නැටුම් ක්‍රමයන්හි හොඳම නිදර්ශන රූපවාහිනිය සඳහා හෝ චිත්‍රපට සඳහා සේයාපට මත පටිගත කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(iii) මෙම ක්ෂේත්‍රවල පුහුණුව ලැබීම සඳහා ඇති අවස්ථාවන් වැඩි කිරීමට සහ සම්ප්‍රදායික නැටුම් ක්‍රම පිළිබඳ අධ්‍යයනය සහ ඒවා පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා පියවර ගන්නේද;

(iv) භාරත නැටුම් ද ඇතුළුව උඩරට සහ වෙනත් සම්ප්‍රදායික නැටුම් ක්‍රම මනාව විදහා දක්වන ජාතික ප්‍රසාංගික පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා  උත්සාහ කරන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-05

අසන ලද්දේ

ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks