බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-04   පිළිතුර ලබා දී ඇත 

0148/2015: මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය: ගොඩනැඟිලි පහසුකම්

148/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මේ වනවිට දරුවන් දෙ‍දහසකට ආසන්න සංඛ්‍යාවක් විද්‍යා, තාක්ෂණ, වාණිජ හා කලා යන විෂය ධාරාවන් හතර යටතේ අධ්‍යාපනය ලබන මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය බරපතල ගොඩනැගිලි අර්බුදයකට මුහුණ පා සිටින බවත්;

(ii) නේවාසිකාගාරය, ශ්‍රවණාගාරය සහ තෙමහල් නව ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කළද, පසුගිය ජනවාරි මස 15 දින සිට එම සියලු ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති බවත්;

(iii) ක්‍රීඩාපිටිය සඳහා බිම් කොටස් පවරාගනු ලැබූවද, එහි ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම විදුහලේ නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා කටයුතු කරන්නේද;

(ii) එසේනම්, එම දිනය කවරේද;

(iii) නවතා දමා ඇති අනෙකුත් ඉදිකිරීම් ආරම්භ කරන දිනය කවරේද;

(iv) දහස් ගණනක් වූ දරුවන්ට අත්‍යවශ්‍ය ක්‍රීඩා පහසුකම් ලබාදීම සඳහා පිටිය සකස් කරන්නේද;

(v) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය වසා දැමීමේ උත්සාහයක් ඇතැයි ප්‍රචාරය වන මතයේ සත්‍ය අසත්‍ය බව එතුමා මෙම සභාවට හෙළිකරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-04

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගොඩනැඟිලි අවශ්‍යතාවක් ඇත.

              (ii)      ශ්‍රවණාගාරය සහ තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම ආරම්භ කළද, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා 2014.09.12 දින මාතර පැවැත්වූ දැයට කිරුළ විශේෂ රැස්වීමේදී සඳහන් කළ පරිදි, ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදි කිරීම තාවකාලිකව නතර කර ඇත. ඇමුණුම 1 - (රැස්වීම් වාර්තාව) - සභාගත* කරමි. 

2015 වසරට ප්‍රතිපාදන සලසා ගන්නා තෙක් තාවකාලිකව නතර වී තිබුණ ශ්‍රවණාගාරය සහ තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම් අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් පසු නැවත ආරම්භ කරන ලදි.  ඇමුණුම 2 සභාගත* කරමි.

 

(iii)  ඔව්. 2015.01.25වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "දැයට කිරුළ සංවර්ධන වැඩ සටහන 2015" සාකච්ඡාවේදී එළඹුණු තීරණයක් අනුව ක්‍රීඩා පිටිය හැර ඉතිරි ඉදි කිරීම් නිම කිරීමට පියවර ගෙන ඇත. ඇමුණුම 6  සභාගත* කරමි.

(ආ)   (i)      ඔව්.

         (ii)      2016 වර්ෂයේදී ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

         (iii)    ඉහත (අ) (ii) පිළිතුරට අනුව ඉදි කිරීම් වැඩ ඉටු වේ.

          (iv)    ඔව්. අධ්‍යයනයකින් පසු විධිමත් සැලසුම් අනුව.

          (v)     (ආ) ( iv) අනුව පැන නොනඟී.

(ඇ)    අසත්‍යයකි.  ඇමුණුම 7 සභාගත* කරමි.

(ඈ)   අදාළ නොවේ. ( ඇමුණුම 7 බලන්න)

පිළිතුරු දුන් දිනය

2015-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks