පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
120/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝගයට ගොදුරු වීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන බවත්;
(ii) මෙම තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත්;
(iii) මේ නිසා රටේ මානව සම්පත මෙන්ම, මුදල්ද විනාශ වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ බහුලවම දක්නට ලැබෙන පිළිකා රෝග කවරේද;
(ii) එම රෝග වැළඳිමට බලපාන ප්‍රධාන හේතු එක් එක් රෝගයට වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම හේතු පාලනයට කටයුතු කර තිබේද;
(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පසුගිය වසර 05 තුළ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා රජය වැය කළ මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) පසුගිය වසර 05 තුළ පිළිකා රෝග මර්ධන වැඩසටහන් සඳහා රජය වැය කළ මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) පිළිකා මර්දන වැඩසටහන් විධිමත් පරිදි ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා රජය විසින් දරන ලද වියදම් ද ඇතුළත් තොරතුරු පහත (ආ) (iv), (ඇ) (i) හා (ii)හි දක්වා ඇත.
(iii) නැත.
(ආ) (i) • පියයුරු පිළිකා
• තොල්, මුඛ සහ ග්‍රසනිකා පිළිකා
• ගැබ් ගෙල පිළිකා
• ඩිම්බ කෝෂ පිළිකා
• මහා බඩවැල් පිළිකා
(ii) ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(iii) ඔව්.
(iv) • පළාතකට එකක් බැගින් සීමා වී තිබූ පිළිකා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීම.
• පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ (Diagnostic equipment) සැපයීම මඟින් එම පහසුකම් වැඩිදියුණු කිරීම.
• දුම්වැටි අසුරනවල සියයට 85ක් රූපමය අවවාද සඳහා වෙන් කිරීම.
• දුම්වැටි සඳහා ඉහළ බදු පැනවීම.
• 2016.09.01 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ (හපන දුම්කොළ) අඩංගු නිෂ්පාදන, නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීමට ඉදිරිපත් කිරීම තහනම් කර ඇත.
• මත්පැන් සඳහා ඉහළ බදු පැනවීම.
• මත්පැන් අළෙවිය සඳහා සීමා පැනවීම.
• පාසල් තුළ සෞඛ්‍යමය ආපන ශාලා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
• පාසල් සිසුන් සඳහා ක්‍රීඩාවල යෙදීම අනිවාර්ය කිරීම මඟින් ඔවුන් සක්‍රිය කිරීම සහ තරබාරු බව අවම කිරීම.
• සීනි සහිත පාන වර්ග සඳහා වර්ණ සංඥා ක්‍රමයක් හඳුන්වා දීම.
• ජනතාවට ශාරීරික ව්‍යායාම්වල යෙදීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම.
• සුව නාරි සායන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සුව නාරි සායනවල දී ඉටු කරනු ලබන කාර්යයන් සුව දිවි සායනවලට ද හඳුන්වා දීමට පියවර ගැනීම.
• හෙපටයිටීස් බී එන්නත සියලු දරුවන්ට ලබාදීම.
• හියුමන් පැපිලෝමා වයිරස එන්නත පාසල් දැරියන් සඳහා මෙම වසරේදී හඳුන්වා දීම.
• ගැබ් ගෙල පිළිකා සඳහා අවදානම් කණ්ඩායම් කලින් හඳුනා ගැනීම සඳහා වන හියුමන් පැපිලෝමා වයිරස ඩීඑන්ඒ පරීක්ෂණය ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පිළිකා රෝග කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයට හඳුන්වා දීම.
• පිළිකා රෝග කලින් හඳුනා ගැනීම සඳහා ජංගම සායන රට පුරා ක්‍රියාත්මක කිරීම.
• අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව පාසල් සිසුන් ඉලක්ක කර සෞඛ්‍යමය ජීවන රටාවක් පිළිබඳව දැනුවත් කරන විශාල ප්‍රමාණයේ ෆ්ලෙක්ස් බැනර් මුද්‍රණය කර පාසල් අතර බෙදා හැරීමට කටයුතු කිරීම සහ ගුරුවරුන් ඉලක්ක කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
• විශාල ප්‍රදර්ශන පුවරු -බිල් බෝර්ඩ්- මඟින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම.
• පිළිකා රෝග වළක්වා ගැනීම සහ කලින් හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම.
• එම කරුණුවලට අදාළ සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා සහ පෝස්ටර් මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම.
(ඇ)
(i)
|
වර්ෂය |
මුදල |
|
2012 |
රු. 1,442,890,470.20 |
|
2013 |
රු. 1,737,836,414.99 |
|
2014 |
රු. 1,758,597,097.04 |
|
2015 |
රු. 1,626,944,588.83 |
|
2016 |
රු. 3,528,454,283.77 |
(ii)
|
වර්ෂය |
මුදල |
|
2012 |
රු. 6,728,707.10 |
|
2013 |
රු. 12,500,957.43 |
|
2014 |
රු. 16,724,417.13 |
|
2015 |
රු. 19,885,576.42 |
|
2016 |
රු. 31,791,624.51 |
(ඈ) පැන නොනඟී.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
01. පියයුරු පිළිකා
පියයුරේ පෙර පැවති අසාමාන්‍ය තත්ත්වයන්.
පවුලේ ලේ ඥාතියෙකුට පියයුරු පිළිකා හෝ ඩිම්බ කෝෂ පිළිකා තිබීම. (මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ)
මද සරු භාවය.
අවිවාහක බව.
පළමු දරු උපත වයස අවුරුදු 35ට පසු සිදු වීම.
දරු උපත් ගණන අඩු මවක් වීම.
දරුවන්ට මව් කිරි නොදීම හෝ මව් කිරි අඩු කාලයක් ලබා දීම.
සත්ත්ව මේද අධික වශයෙන් පරිභෝජනය කිරිම.
පලතුරු සහ එළවලු අඩුවෙන් පරිභෝජනය කිරිම.
ව්‍යායාම කිරීම අඩු වීම.
මත්පැන් පානය කිරිම.
සක්‍රිය හෝ අක්‍රිය දුම් පානය
කලින් විකිරණ ප්‍රතිකාර සඳහා නිරාවරණය වීම.
02. තොල්, මුඛ සහ ග්‍රසනිකා පිළිකා.
බුලත්විට සැපීම සහ දුම්කොළ සහ පුවක් අඩංගු වෙනත් නිෂ්පාදන භාවිත කරීම.
දුම් පානය.
මත්පැන් පානය කිරිම.
හියුමන් පැපිලෝමා වයිරස ආසාදනය.
එප්ස්ටයින් බා වයිරස ආසාදනය.
ආහාරවලට යොදන සමහරක් රසකාරක/ වර්ණක.
03. ගැබ් ගෙල පිළිකා.
ගැබ් ගෙල පිළිකා සඳහා ප්‍රධානම හේතුව වන්නේ හියුමන් පැපිලෝමා වයිරස ආසාධනයයි. එම ආසාධනය සඳහා අවදානම් සාධක වන්නේ,
අඩු වයසකදී සක්‍රිය ලිංගික ජීවිත ආරම්භ කිරිම.
ලිංගික සහකරුවන් එක් අයෙකුට වඩා ආශ්‍රය කිරීම.
ලිංගික සහකරු අවදානම් ලිංගික ඇසුරට යොමු වීම.
පෞද්ගලික ස්වස්ථාව අයහපත් වීම.
ප්‍රතිශක්ති ඌනතා තත්ත්වය (එච්.අයි.වී. ආසාදනය, අවයව බද්ධ කිරීමෙන් පසු ප්‍රතිශක්තිය මැඩ පවත්වන ඖෂධ භාවිතය)
දුම් පානය (සක්‍රිය හෝ අක්‍රිය)
04. ඩිම්බ කෝෂ පිළිකා සඳහා අවදානම් සාධක
වයස්ගත වීම.
පවුලේ කෙනෙකුට ඩිම්බ කෝෂ පිළිකා හෝ පියයුරු පිළිකා සෑදී තිබීම.
තමාට පියයුරු පිළිකා තිබීම.
දරුවන් ප්‍රසූත නොකළ කාන්තාවක් වීම.
මද සරු බව.
ආර්තවහරණ රෝග ලක්ෂණ සඳහා හෝමෝන ප්‍රතිකාර ගැනීම. (විශේෂයෙන් අවුරුදු 5කට වැඩියෙන්)
05. මහා බඩවැල් පිළිකා.
මහාන්ත්‍ර පිළිකා සඳහා අවදානම් සාධක.
එළවලු සහ ධාන්‍යමය ආහාර භාවිතය අඩු වීම.
අධික ලෙස රතු පැහැති මස් හෝ සකස් කළ මස් ආහාරයට ගැනීම.
මත්පැන් පානය.
තරබාරු බව.
දුම් පානය.
කලින් මහාන්ත්‍රයේ රෝග තත්ත්වයන් තිබීම.
පවුලේ ඥාතියෙකුට මහාන්ත්‍රයේ පිළිකා හෝ මස් දලු (Polyp) තිබීම.
දියවැඩියාව
පිළිතුරු දුන් දිනය
2017-09-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks