02

E   |     |  

 දිනය: 2016-03-10   පිළිතුර ලබා දී ඇත 

0095/2016: වනාන්තර හා රක්ෂිත : ආරක්ෂාව

95/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       හේන් වගාව, සතුන් දඩයම් කිරීම හා විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරවලට හානි සිදු වන බවත්;

             (ii)       එම හානි වළක්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ මැදිහත් වීම නිසා බවත්;

(iii) උක්ත වන හානිය සමස්ත ශ්‍රී ලංකාවේම දේශගුණික, ආර්ථික හා සමාජීය වශයෙන් බලපෑම් ඇති කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පසුගිය වසර දෙකක කාලය තුළ මෙම වනාන්තර තුළ දඩයම් කිරීම හා හේන් වගා කිරීම සම්බන්ධව නීතිය ඉදිරියේ වැරදිකරුවන් වූ පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(ii) රක්ෂිත තුළ දඩයම් කිරීම හා හේන් වගාව නැවත්වීමට පියවර ගෙන තිබේද;

(iii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) රක්ෂිතයන්හි ආරක්ෂාව සඳහා දැනට තිබෙන මානව හා භෞතික සම්පත් සම්බන්ධව සෑහීමකට පත්වන්නේද;

(ii) නොඑසේ නම්, රක්ෂිතයන්හි ආරක්ෂාව තර කිරීමට ගන්නා පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නීති විරෝධී කටයුතු හේතුවෙන් හානි සිදු වේ.

              (ii)      එවැනි මැදිහත්වීම් සිදු වූ බවට තොරතුරු වාර්තා වී නොමැත.

             (iii)        යම් හානියක් සිදු වේ.   

(ආ)         (i)     

 

 

 

 

                        2015 වර්ෂයේ අපි පාලන බලය ලබා ගන්නා විට යාල ජාතික උද්‍යානය නරඹන්න විතරක් වාහන 700ක් පමණ ගියා. නමුත්, සේවකයන් හිටියේ 20දෙනායි. තිස්සමහාරාමය පැත්තේ driversලා  තමයි අයිතිකාරයෝ විධියට විදේශිකයන් දමාගෙන ගිහින් නීති විරෝධී වැඩ ඔක්කෝම කළේ. දැන් අපි cadre එකක් හදලා නිලධාරින් සංඛ්‍යාව 100ක් දක්වා වැඩි කරලා තිබෙනවා. මම cadre එකක් හදලා ඉල්ලා තිබෙනවා, මේ සේවකයන් තව පස්ගුණයක් ඕනෑය කියලා.

(ii) පියවර ගෙන ඇත.

ගරු කථානායකතුමනි, මම කියන්න ඕනෑ, දේශපාලන වශයෙන් තිබෙන එවැනි බලපෑම්වලට අපි නැවෙන්නේ නැහැ කියලා. රජයේ වෙන්න පුළුවන්, විපක්ෂයේ වෙන්න පුළුවන් කිසිම දේශපාලනඥයෙකුගේ බලපෑම්වලට යටත් වෙන්නේ නැහැ.  කාටත් නීතිය එකයි.

ගරු කථානායකතුමනි, ඔබතුමා අද ගත්ත පියවර මදි කියලා මම කියනවා.  අපේ අයටත් දඬුවම් කරනවා නම් බොහොම හොඳයි. අපි ඒක අගය කරනවා.

 

 

 

 

2.         එසේම දඩයම් කටයුතු වැඩි වශයෙන් සිදු කරනු ලබන අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා වූ නියං සමයේදී-

           නියඟයක් ඇති වුණේ නැහැ, වැස්ස ආවා.  යාල ඇතුළු සියලුම තැන්වලට  STF එක යොදවලා අත්අඩංගුවට ගන්න පටන්ගත්තා; අත්අඩංගුවට ගත්තා.

හරි නේ? 

-"නියං සමයේ දඩයම් මර්ධන කටයුතු" යනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වා දීප ව්‍යාප්තව රක්ෂිතවල සිදුවන දඩයම් කටයුතු මර්දනය කර ඇත. හේන් වගාවන් වැඩි වශයෙන් සිදු වන්නේ රක්ෂිත ආශ්‍රිතව ගම්මාන ඇති ප්‍රදේශවලදී බැවින් මහ ජනතාවගේ දැනගැනීම සඳහා රක්ෂිත වටා මායිම් ගල් යොදා සලකුණු කිරීම හා නාම පුවරු සිටුවීම සිදු කරනු ලැබේ. 

පිළිතුරු දුන් දිනය

2016-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks