04

E   |     |  

 දිනය: 2015-11-04   පිළිතුර ලබා දී ඇත 

0091/2015: සිමෙන්ති මිල අඩු කිරීම: ආදායම අහිමි වීම

91/’15

 

ගරු වාසුදේව නානායක්කාර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පසුගිය අතුරු අයවැයෙන් සිමෙන්ති විකුණුම් මිල තුළ ඇතුළත්ව තිබූ රු. 90.00ක බද්දක් ඉවත් කරනු ලැබුවේ සිමෙන්ති මිල අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් නොවේද;

(ii) ඒ නිසා රජයට මසකට අහිමි වූ බදු ආදායම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මෙම මිල අඩුකිරීම 2015 පෙබරවාරි මස 20 වන දින ගැසට් පත්‍රයේ පළකරනු ලදුව සිල්ලර මිල රු. 840.00ක් ලෙස නියම කර තිබේද;

(ii) එදින සිට අද දක්වා එම මිලට දිවයින පුරා සිමෙන්ති අලෙවි වන්නේද;

(iii) නොඑසේ නම්, රජයේ ආදායමද අහිමි වී පාරිභෝගිකයාට ලබාදීමට අරමුණු කළ සහනයද නොලැබී යාම බරපතල වරදක් නොවන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) අතුරු අයවැයෙන් ප්‍රකාශ කළ පරිදි මෙම මිල අඩුවීම ක්‍රියාත්මක කරවීම සඳහා පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර බලපවත්වනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-04

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)      The Customs Duty on import, that was 7.5 per cent, has been removed by the last Interim Budget in order to reduce the selling price at the local market.

              (ii)      There is a loss of around Rs. 100 million per month from the tax levy because of this removal of  Customs Duty. 

(iii) More cement is imported to this country under the Free Trade Agreements established between India and Pakistan. Cement imported under Free Trade Agreements is exempted from Customs Duty. Therefore, the removal of this Customs Duty has created opportunities to import cement from countries like Indonesia and Malaysia at competitive prices.

(b) (i) Yes.

(ii) No.

The Extraordinary Gazette Notification No. 1902/47 was published on 20th February, 2015 declaring the price of a bag of cement as Rs. 840.00. Yet by the Extraordinary Gazette Notification of No. 1908/9 dated 31st March, 2015, maximum retail price of a 50kg bag of cement was declared again as Rs. 870.00. Cement is sold island-wide at that price since that day.

(iii) Not relevant

(c) (i) Yes.

Implementation of the price at Rs. 870.00 in the market island-wide as declared by the Extraordinary Gazette Notification dated 31st March, 2015 is monitored by the Consumer Affairs Authority.

(ii) Since 31st March, 2015.

(d) Not relevant

පිළිතුරු දුන් දිනය

2015-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks