පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
90/’15
ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගරු ශිරානි තිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමියගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ආයුධ ජාවාරම පිළිබඳව විමසා බලන කොමිසමේ වාර්තාවක් තිබේද;
(ii) එම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේද;
(iii) ප්‍රකාශයට පත්කරන්නේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ආයුධ ජාවාරම් ගැන විමසා බැලීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර නැත.
ගරු ශිරානි තිලකවර්ධන මැතිතුමියගේ සභාපතිත්වය යටතේ 2000 සිට 2005 දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මිලදී ගත් අධිවටිනාකමකින් යුත් ආයුධ, වෙනත් යුද උපකරණ, ද්‍රව්‍ය හා සේවාවන් සපයාගනු ලැබීම සම්බන්ධයෙන් අදාළ වන්නා වූ කරුණු පරීක්ෂා කිරීම සඳහා වන පරීක්ෂණ කොමිෂන් සභාවක් 2006.04.24 දින පත්කර ඇත.
එකී පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිය වාර්තාව හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දීමට දිනයක් හා වෙලාවක් ලබාගෙන ඇති බව ගොනු පරීක්ෂා කිරීමේදී අනාවරණය වන නමුත්, අදාළ අවසන් වාර්තාව කාර්යාලයේ නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks