බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-23   පිළිතුර ලබා දී ඇත 

0087/2015: Rakna Lanka Company - Benefits

87/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඩ්, ආරක්ෂක  අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් බව පිළිගන්නේද; ‍

             (ii)      එසේ නම්, එය පිහිටවූ වර්ෂය සහ එකී වර්ෂ‍යේ සිට 2015 දක්වා සමාගමේ ගිණුම් පිළිබඳ විගණකාධිපති වාර්තාව ‍වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

‍යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම සමාගම විසින් ආරක්ෂක සේවාව ලබා දුන් රාජ්‍ය හා ‍පෞද්ගලික ආයතන ‍කවරේද;

(ii) එකී ආයතන සමග ආරක්ෂාව සැපයීම සඳහා ගිවිසුම් ගත වූ වර්ෂය, දිනය හා ආයතන ‍‍වෙන් ‍වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) 2015 ජනවාරි සිට අද දක්වා කාලය තුළ මෙම සමාගම ‍සේවා සැපයී‍මෙන් ඉවත් කොට ඇති රාජ්‍ය ආයතන ‍තිබේද;

(ii) එ‍සේ නම්, ඒ ‍කවරේද;

(iii) එ‍ලෙස ඉවත් කිරීමට ‍හේතු කවරේද;

(iv) ඒ ‍වෙනුවට උප‍යෝගී කර‍ගෙන ඇති ආරක්ෂක සමාගම් කවරේද;

(v) එම ආදේශිත සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ගේ නම්  ‍වෙන් වෙන් වශයෙන් කවරේද; 

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) (i) මෙම සමාගම විසින් ආරම්භයේ සිට වාර්ෂිකව උපයා‍ ගෙන ඇති ආදායම සහ ලාභය‍ කොපමණද;

(ii) මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව ලබාදී ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-23

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks