පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
78/’15
ගරු චන්දිම ගමගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරු මැද පළාත ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල හේන් ගොවිතැන හා සත්ත්ව පාලනයෙන් ජීවත්වන ගොවීන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වලින් ඉවත්වන ලෙස ඉල්ලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම කාරණය හේතුවෙන් හේන් ගොවීන්ට හා කිරි ගොවීන්ට තම ජීවනෝපාය අහිමි වෙමින් පවතින බව එතුමා දන්නේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙසේ පාරම්පරික වගා භූමි අහිමි වීමට අදාළ නීති ක්‍රියාත්මක වන්නේ කවර දිනක සිටද;
(ii) අදාළ වන රක්ෂණ සීමා නීර්ණ පුළුල් කර තිබේද;
(iii) එසේ නම්, වන රක්ෂණ සීමා පුළුල් කල දිස්ත්‍රික්ක සහ එක් එක් දිස්ත්‍රික්කයේ වන රක්ෂණ සීමා පුළුල් කල ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉදිරියේදී මෙම ගොවීන් සම්බන්ධව යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේද;
(v) ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;
(vi) එතෙක් මෙම ගොවීන්ගේ ජීවනෝපාය බිඳවැටීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-20
අසන ලද්දේ
ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks