පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
76/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ දී එප්පාවල පොස්පේට් සමාගම් භූමියේ මීටර් 850 ක මාර්ගයේ කාපට් ඇතිරීමට වැය කළ මුදල කොපමණද;
(ii) එම ව්‍යාපෘතිය ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේද;
(iii) ටෙන්ඩරය ලබා දුන් සමාගම කුමක්ද;
(iv) එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම්වල නම්, ලිපින, දුරකථන අංක, අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් හා ටෙන්ඩරයේ වටිනාකම එක් එක් සමාගම අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) එප්පාවල පොස්පේට් සමාගම තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;
(iv) නොඑසේ නම්, පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
(vi) එම පරීක්ෂණයේ ප්‍රතිඵල මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-01
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එප්පාවල පොස්පේට් සමාගම් භූමියේ මාර්ග තුළ කාපට් දැමීමක් සිදු කර නොමැත.
ආයතන පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවේ සිට කැණීම් කාර්යාලය දක්වා මීටර් 800ක දුර ප්‍රමාණයක්ද, අභ්‍යන්තර අතුරු මාර්ග මීටර් 15ක දුර ප්‍රමාණයක්ද කොන්ක්‍රීට් කර ඇත. මේ සඳහා වැය වූ මුළු මුදල රුපියල් 48,508,284.35ක් වේ.
(ii) ඔව්.
(iii) ජේ.ජේ. එන්ටර්ප්‍රයිසස් (J.J.Enterprises)
(iv) ඔව්.
ඊට හේතු පහත දැක්වේ.
(1) මෙම සේවාව අදියර i සහ ii වශයෙන් සිදු කර ඇති අතර ව්‍යාපෘතිය ප්‍රදානය කිරීම අධීක්ෂණය කළ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය නිර්දේශ කර තිබීම.
(2) i හා ii අදියර වැඩකොටස් එකිනෙකට සම්බන්ධතාවක් ඇති හෙයින් කටයුතු කරගෙන යාම හා වගකීම් දැරීම එකම සමාගමක් වෙත පැවරීම මඟින් ප්‍රායෝගික ගැටලු අවම කරගත හැකි බව ප්‍රසම්පාදන කමිටුව සලකා තිබීම.
(3) ජේ.ජේ. එන්ටර්ප්‍රයිසස් සමාගම අවම ලංසුව ඉදිරිපත් කර තිබීම.
(4) ii අදියර සඳහා අදාළ ලංසුකරු රුපියල් 1.030,000.00ක මුදලක් අඩු කිරීමට එකඟතාව පළ කර තිබීම.
(ආ) ඔව්.
එම තොරතුරු පහත පරිදි වේ.
|
නම |
ලිපිනය |
දුරකථන අංකය |
ටෙන්ඩර් වටිනාකම (1) |
ටෙන්ඩර් වටිනාකම (2) |
|
කේසර ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් |
අංක 160 මහරගම පාර, මාම්පේ, පිළියන්දල |
0114422227 |
51,070,420.00 |
15,680,000.00 |
|
කොටිකාවත්ත කන්ස්ට්‍රක්ෂන්ස් |
අක 198, මොඩවලගොඩ, පමුණුගම. |
0112242029 |
56,894,107.20 |
16,374,400.00 |
|
ජේ.ජේ.එන්ටර්ප්‍රයිසස් |
අංක 330/ඒ, බෝපිටිය,පමුණුගම |
0113037116 |
50,258,550.00 |
14,082,750.00 |
|
ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන්ස් |
අංක626-සී, සමුද්‍රි මාවත, චීනගහවෙල හෙයියන්තුඩුව සපුගස්කන්ද |
0112918156 0112433427 |
59,233,658.40 |
11,513,040.00 |
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
01. ජාලිය පී. කුලසේකර මහතා - සභාපති
02. ආර්.ආර්.එම්.එන්. රාජපක්ෂ මහතා - විධායක අධ්‍යක්ෂ
03. ඩී.එම්. විජයපාල මහතා
04. ආර්.එම්.එම්.එන්. ශාන්ති පෙරේරා මහතා
05. අමරපාල ගමගේ මහතා
06. ජේ.සී. වැලිගමගේ මහත්මිය (මහා භාණ්ඩාගාර නියෝජිත )
07. ඩී.ඩී. අමරතුංග මහතා ( අමාත්‍යාංශ නියෝජිත)
පිළිතුරු දුන් දිනය
2016-02-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks