01

E   |     |  

 දිනය: 2015-12-01   පිළිතුර ලබා දී ඇත 

0075/2015: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව : නවීන තාක්ෂණික උපකරණ

75/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,—  ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති නොදියුණු  තාක්ෂණික උපකරණ මගින්  නිවැරදි කාලගුණ අනාවැකි ලබා දීමට අපොහොසත් වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා දියුණු භෞතික සම්පත් ලබා දීමට  කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ලබාදීමට බලාපොරොත්තු වන නවීන තාක්ෂණික උපකරණ කවරේද;

(iii) එම නවීන උපකරණ  කුමන කටයුතු සඳහා භාවිතා කරන්නේද;

(iv) එම උපකරණ සඳහා වැය වන මුදල කොපමණද;

(v) නවීන තාක්ෂණික උපකරණ ලබා දෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-01

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙන දියුණු තාක්ෂණික උපකරණ කිහිපය මගින් පෙරට වඩා නිවැරදි කාලගුණ අනාවැකි  පවසනු ලබයි.

(ආ)         (i)      ඔව්.

              (ii)      ලබා දීමට බලාපොරොත්තු වන උපකරණ නම්,

                         දත්ත එක් රැස් කිරීම, තත්ත්ව පාලනය සහ ලේඛනගත කිරීමේ පද්ධති (Data collection, quality and archival system)

                         ගණිතමය අනාවැකි පළ කිරීමේ පද්ධති  (Numerical weather prediction suite)

ස්වයංක්‍රීය කාලගුණ පද්ධති (Automatic weather systems)

අකුණු හඳුනා ගැනීමේ පද්ධති (Lightning detection systems)

ඉහළ වායුගෝලීය දත්ත ලබා ගැනීමේ පද්ධති (Radiosonde systems)

ඉහළ වායුගෝල සුළං ලබා ගැනීමේ පද්ධති (Wind profiler systems)

ස්වයංක්‍රීය දත්ත හුවමාරු පද්ධති (Message switching systems)

(iii) කාලගුණ අනාවැකිකරණ හැකියාව වර්ධනය කිරීම සඳහා එම නවීන උපකරණ භාවිත කරනු ලබයි.

(iv) එම උපකරණ සඳහා වැය වන මුදල රුපියල් මිලියන  1,975ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

(v) අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමෙන් පසුව අනුමත ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග නවීන තාක්ෂණික උපකරණ ලබා දීම සිදු කරනු ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-02-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks