04

E   |     |  

 දිනය: 2016-01-27   පිළිතුර ලබා දී ඇත 

0059/2016: නකල්ස් රක්ෂිතය : අනවසර වගා

59/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      නකල්ස් රක්ෂිතයේ එනසාල් වගා කරන බවත්;

             (ii)      එමගින් රක්ෂිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්;

            (iii)      මාතලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ට දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වන බවත්;

(iv) රක්ෂිතයේ විනාශය රටේම පරිසර තුලිතතාවට බලපාන බවත්;

එතුමා දන්නෙහිද?

 (ආ)     (i) රක්ෂිතයේ පවතින අනවසර වගා බිම් ප්‍රමාණය කොපමණද;

(ii) අනවසර වගාකරුවන්ට  විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද;

(iii) රක්ෂිතයට වන හානිය වැළැක්වීමට මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

(iv) එනසාල් වගාවන් රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

(v) එසේ නම්, ඒ කවර දිනයකදීද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) (i) රක්ෂිතයේ ජීවත් වන ඒකදේශික සතුන් හා ශාක පිළිබඳ සමීක්ෂණයක් අවසන් වරට සිදු කළ දිනය කවරේද;

(ii) ඒ අනුව රක්ෂිතයේ ජීවත් වන ඒකදේශික ශාක හා සතුන් කවරේද;

(iii) එනසාල් වගාව නිසා ඒකදේශික ශාක හා සතුන්ගේ ගහනය තර්ජනයට ලක්වී ඇති ප්‍රමාණය පිළිබඳ ඇගයීමක් කිරීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, ඒ කවර දිනයකදීද;

(v) එනසාල් වගාව නිසා රක්ෂිතයට සිදු වූ හානිය පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නේද;

(vi) එසේ නම්, ඒ කවර දිනයකදීද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-27

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         නකල්ස් ලෝක උරුම වන භූමියේ මේ වන විට එන්සාල් වගාව කරනු නොලැබේ.

              (ii)         කලින් පැවැති එන්සාල් වගාවන්ගෙන් රක්ෂිතයට බලපෑම් සිදුව ඇත.

             (iii)         නැත.

             (iv)         බලපෑමක් සිදු විය හැකිය.

(ආ)         (i)         නකල්ස් රක්ෂිතය තුළ අනවසර එන්සාල් වගාව හෙක්ටයාර 574.7ක් තුළ පැතිර පැවතුණි.

      (ii) අනවසර වගාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන, නෙරපීමට කටයුතු කර ඇත.

(iii) අනවසර වගාකරුවන් නෙරපීමට කටයුතු කර ඇති අතර, අලුතින් එනසාල් වගා කිරීම හෝ පවත්නා කිසිදු එනසාල් වගාවක් අලුතින් නඩත්තු කිරීම සම්පූර්ණයෙන් නවතා ඇත. ඒ අනුව මේ වන විටත් මෙම අනවසර වගාවන් පරිහානියට පත් වෙමින් පවතී.

(iv) ඉහත (iii) පිළිතුර අදාළ වේ.

(v) ඉහත (iii) පිළිතුර අනුව අදාළ නොවේ.

(ඇ) (i) නකල්ස් සංරක්ෂිතයේ සම්පූර්ණ සත්ව හා ශාක සමීක්ෂණයක් ජාතික සංරක්ෂණ විමසුම මගින් (1991 - 1996) සිදු කර ඇත.

(ii) සපුෂ්ක ශාක විශේෂ 1,033ක් හඳුනාගෙන ‍ඇති අතර, එහි ලංකාවට ආවේණික ශාක විශේෂ 160ක් හා වඳ වී යමින් පවතින ශාක විශේෂ 11ක් වේ. එසේම සත්ව විශේෂ 342ක් වන අතර, වඳ වී යමින් පවතින සත්ව විශේෂ 81ක් හා නකල්ස් කඳු වැටියට ආවේණික සත්ව විශේෂ පහක්ද වේ.

(iii) නකල්ස් සංරක්ෂිත වනය තුළ සිදු කෙරෙන අනවසර එනසාල් වගාව නිසා සිදු වන පාරිසරික සහ සමාජ  - ආර්ථික බලපෑම පිළිබඳව හෙක්‍ටර් කොබ්බෑකඩුව ගොවි  කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් 2014 වර්ෂයේදී අධ්‍යයනයක් සිදු කරන ලදී.

(iv) එහි වාර්තාව 2014 අගෝස්තු මාසයේදී ඉදිරිපත් කර ඇත.

(v) ඉහත (iii) පිළිතුර අදාළ වේ.

(vi) ඉහත (iv) පිළිතුර අදාළ වේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-01-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks