02

E   |     |  

 දිනය: 2015-11-05   පිළිතුර ලබා දී ඇත 

0045/2015: හම්බන්තොට තානායම : පෞද්ගලික අංශයට පැවරීම

45/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවති හම්බන්තොට තානායම පෞද්ගලික අංශයට පවරා ඇති බවත්;

             (ii)      එහි සේවය කළ සේවකයින් නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලයට අනුයුක්ත කර ඇති බවත්;

(iii) මෙම ක‍්‍රියාවලිය නාගරික සංවර්ධන අධිකාරියට මූල්‍යමය පාඩුවක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම තානායම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෞද්ගලික අංශයට ලබා දී නොමැත.  හම්බන්තොට නගර සභාව විසින් පෞද්ගලික අංශයට පවරා දී ඇත.

              (ii)       ඔව්. එහි සේවය කළ සේවකයින් 11දෙනෙකු නැවත නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන හා උප කාර්යාලයන්ට අනුයුක්ත කර ඇත.

             (iii)      හම්බන්තොට තානායම නාගරික සංවර්ධන අධිකාරියේ සෘජු පාලනයට ලබාගත් පසු 2000 සිට මේ දක්වා රුපියල් මිලියන 41.7ක පාඩුවක් සිදු වී ඇත. ඊට අමතරව නැවත නගර සභාවට පවරා දීම නිසා සියයට 35ක කුලී ආදායම අහිමි වී ඇත.

 (ආ) (i) සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව නීති උපදෙස් පතා ඇත.

(ii) මේ වන තෙක් දිනයක් දන්වා නොමැත. ඒ නීති උපදෙස් ලැබීමෙන් අනතුරුව දින වකවානු ප්‍රකාශ කළ හැක.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks