පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
44/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ලක්‍ෂපාන දිය ඇල්ලට ඉහළින් මස්කෙළිය ඔයේ ඉදිකර ඇති හා ඉදිකරමින් පවතින විදුලි බලාගාර වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) මෙම විදුලි බලාගාර හේතුකොට ගෙන පරිසරයට සිදු වන බලපෑම් පිළිබඳව පරිසර අධ්‍යයන වාර්තා කැඳවා තිබේද; සහ
(iii) එසේ නම්, එම වාර්තා මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලක්‍ෂපාන දිය ඇල්ලට උක්ත බලාගාරයන් හේතුවෙන් හානි විය හැකි බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම හානි අවම කර ගැනීමට පියවර ගෙන තිබේද; සහ
(iii) එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) තෙබර්ටන් වතුයාය, නොර්ටන් බ්‍රිජ් යන ස්ථානයේ පිහිටි කිලෝ වොට් 1300ක ධාරිතාවකින් යුතු තෙබර්ටන් කුඩා ජල විදුලි බලාගාරය -සප්තකන්යා හයිඩ්රෝ ඉලෙක්ට්‍රික් කම්පැනි පුද්ගලික සමාගම.
(ii) කැනියන් විදුලි බලාගාරය - ලංකා විදුලිබල මණ්ඩලය. (1983 වසරේ සිට)
ඊට අමතරව ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් මස්කෙලිය ඔයේ ඉදි වෙමින් පවතින වෙනත් බලාගාර කිසිවක් නැත.
(ii) මධ්‍යම පරිසර අධිකාරිය පනත යටතේ අවශ්‍ය පරිසර අනුමැතිය එම අධිකාරිය විසින් ලබාදී ඇත.
(iii) ඔව්. තෙබර්ටන් කුඩා ජල විදුලි බලාගාරයට අදාළ පරිසර අධ්‍යයන වාර්තාව ඇමුණුම වශයෙන් ඉදිරිපත් කර සභාගත* කරමි.
(ආ) (i) නැත.
උක්ත බලාගාරයන් හේතුවෙන් ලක්ෂපාන දිය ඇල්ලට හානි සිදු නොවන අයුරින් අදාළ සමාගම විසින් විදුලි බලාගාරය ඉදි කිරීමේදී මෙන්ම විදුලිය ජනනය සඳහා ක්‍රියාත්මක කිරීමේදී ද පිළිපැදිය යුතු සාමාන්‍ය සහ විශේෂ කොන්දේසි ගණනාවකට යටත්ව මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා දී ඇත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks