බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-04   පිළිතුර ලබා දී ඇත 

0043/2015: බ්‍රොයිලර් කුකුළු ගොවිපොළ : විස්තර

43/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)         (i)       ශ‍්‍රී ලංකාවේ මස් සඳහා ඇතිකරන බ්‍රොයිලර් කුකුළන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලු පවතින බවත්;

 

             (ii)       ගොවිපොළ හිමියන් නියමිත දින ගණනට පෙර මෙම සතුන් මස් සඳහා ඝාතනය කරන බවත්; සහ

(iii) එම සතුන් ඉක්මනින් වැඩීම සඳහා යොදා ගන්නා බෙහෙත් ද්‍රව්‍ය සහ ආහාර මිනිස් සිරුරට හානිකර බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ශ‍්‍රී ලංකාවේ මස් සඳහා බ්‍රොයිලර් කුකුළන් ඇති කරන ගොවිපොළ සංඛ්‍යාව;

(ii) මෙම ගොවිපොළවල සිටින කුකුළන් සංඛ්‍යාව;

(iii) 2014 වර්ෂයේ කුකුළු මස් නිෂ්පාදනය (කිලෝග්‍රෑම්); සහ

(iv) ඒ අනුව ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත (අ) හි සඳහන් ගැටලු විසඳීමට පියවර ගෙන තිබේද; සහ

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2015-11-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අමීර් අලි සිහාබ්දින් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks