පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
38/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වර්ෂ 2010 සිට 2014 දක්වා වර්ෂ 05ක කාලය තුළ ජලභීතිකා රෝගය වැළඳුනු ශ‍්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) උක්ත වර්ෂ පහ තුළ ජලභීතිකා රෝගයට ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කළ මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද; සහ
(iii) එය සමස්ත සෞඛ්‍ය වියදමේ ප‍්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා පියවර ගෙන තිබේද; සහ
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මානව මරණ
2010 - 49
2011 - 41
2012 - 38
2013 - 28
2014 - 19
(ii) 2010 - රුපියල් මිලියන 350යි.
2011 - රුපියල් මිලියන 389යි
2012 - රුපියල් මිලියන 308යි.
2013 - රුපියල් මිලියන 351යි.
2014 - රුපියල් මිලියන 357යි.
(iii) සියයට 0.53යි.
(ආ) (i) ඔව්.
(ii)
|
1. |
ජලභීතිකාවට එරෙහිව සුනඛයන් එන්නත් කිරීම. |
ගෘහ ආශ්‍රිත හා අයාලේ යන සුනඛයන් 1,533,032 ක් එන්නත් කිරීම. |
|
2. |
මානව එන්නත් ලබා දීම. |
එන්නත් කුප්පි 311,255 |
|
3. |
මස්තු ලබා දීම. |
මානව මස්තු (HRIG) 8,396 අශ්ව මස්තු (ERIG) 105,487 |
|
4. |
සුනඛ වන්ධ්‍යකරණය (සැත්කම්) |
134,943 |
|
5. |
සුනඛ වන්ධ්‍යකරණය (එන්නත්) |
18,664 |
|
6. |
පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (රෝහල් කාර්ය මණ්ඩලය සඳහා) |
රෝහල් කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් 48ක් ක්‍රියාත්මක කිරීම “One Health Approach” වැඩසටහන යටතේ පශු වෛද්‍ය නිලධාරින් දැනුවත් කිරීම. |
|
7. |
ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන. |
ප්‍රදර්ශනය හා පත්‍රිකා බෙදා හැරීම, පාසල් ළමුන් දැනුවත් කිරීම ආසන්න ලෙස පාසල් ළමුන් 48,000ක් හා වැඩිහිටි 1,500,000 |
(ඇ). අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks