04

E   |     |  

 දිනය: 2015-12-19   පිළිතුර ලබා දී ඇත 

0032/2015: Development of Highways Matara District 2014

32/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මාතර දිස්ත‍්‍රික්කය තුළ ග‍්‍රාමීය මාර්ග රැසක් අබලන් තත්ත්වයේ පවතින බවත්;

            (ii)      එහෙයින් එම ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2014 වර්ෂය තුළ මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල කොපමණද;

(ii) එම මුදල මගින් සංවර්ධනය කරන ලද මාර්ග කවරේද;

(iii) එම එක් එක් මාර්ගයට වැය කළ  මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මාතර දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය නොකළ මාර්ග පිළිබඳ සමීක්‍ෂණයක් කර තිබේද;

(ii) එසේ නම්, එම මාර්ග කවරේද;

(iii) එම මාර්ග අවසන් වරට ප‍්‍රතිසංස්කරණය කර ඇති දිනය වෙන් වෙන් වශයෙන් කවරේද?

(iv) එම මාර්ග සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබේද;

(v) එසේ නම්, එම සැලසුම් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks