04

E   |     |  

 දිනය: 2015-10-22   පිළිතුර ලබා දී ඇත 

0029/2015: Kuragala Shrine - stoppage of Excavations

29/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

 

(අ)         (i)      සබරගමුව පළාතේ, ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන කූරගල ඓතිහාසික පුදබිම තුළ කැණීම් කටයුතු සිදු කිරීම නවතා තිබේද;

             (ii)      එසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) කූරගල පූජා භූමියට අයත් භූමි ප්‍රමාණය කොපමණද;

(ii) එම භූමි ප්‍රමාණයෙහි සීමා නිර්ණය කර තිබේද;

(iii) කැණීම් මගින් ලබා ගත් පුරා වස්තු රැක ගැනීමට පියවර ගෙන තිබේද;

(iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) (i) කූරගල පූජා භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නේද;

(ii) එහි කැණීම් අඛණ්ඩව කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

(iii) එසේ නම්, ඒ දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?      

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks