04

E   |     |  

 දිනය: 2015-10-21   පිළිතුර ලබා දී ඇත 

0027/2015: Child Abuses and Rapes - 2014

27/’15

ගරු බුද්ධික පතිරණ මහතා,— නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ   අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2014 වර්ෂය තුළ වාර්තා වූ ළමා අපචාර සිදුවීම් සංඛ්‍යාව, ස්ත්‍රී දූෂණ සිදුවීම් සංඛ්‍යාව  හා මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      උක්ත සිදුවීම්වලට වැරදිකරුවන් වූ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන්ගේ නම්, ලිපින, දුරකථන අංක  හා අනෙකුත් තොරතුරු කවරේද;

(iii) එම නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට ලබාදුන් දඬුවම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මත්ද්‍රව්‍ය වැරදි සඳහා මෙරට ක්‍රියාත්මක නීති ප්‍රමාණවත් නොවන බව එතුමා පිළිගන්නේද;

(ii) එසේ නම්, එම නීති සංශෝධනයට පියවර ගන්නේද;

(iii) එසේ නම්, ඒ කෙසේද;

(iv) එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks