04

E   |     |  

 දිනය: 2015-10-20   පිළිතුර ලබා දී ඇත 

0025/2015: Consumers of Pipe born Water

25/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—   

 

(අ)         (i)      වර්ෂ 2010 සිට 2014 දක්වා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගේ පරිභෝජනය සඳහා නිකුත් කළ ජලය ලීටර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) දැනට නල ජල පහසුකම් ලබා ගන්නා මුළු පාරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද;

(iii) එම පාරිභෝගික සංඛ්‍යාව සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) මේ වනවිට නල ජල පහසුකම් නොමැති, එහෙත් ජල පහසුකම් අත්‍යාවශ්‍ය ජනතාව පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;

(ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

(iii) ඔවුන්ට ජලය ලබා දීම සඳහා අවශ්‍යවන ජලය ලීටර් ප්‍රමාණය ඇස්තමේන්තු කර තිබේද;

(iv) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;

(v) එම ජල ප්‍රමාණය සපයා ගැනීමට ප්‍රමාණවත් ජල මූලාශ්‍ර රට තුළ තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) (i) මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය ලෙස ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබේද;

(ii) එසේ නම්, එම සැලසුම් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks