පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
19/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2011 - 2014 අතර කාලය තුළ සමූපකාර සංවර්ධන අරමුදලේ හා සමූපකාර අතිරික්ත අරමුදලේ රුපියල් මිලියන 897.06ක්, 1972 සමූපකාර සමිති පනතේ දැක්වෙන ප්‍රතිපාදනවලට පටහැනිව අවභාවිතා කිරීම සහ සාවද්‍ය පරිහරණයට ඉඩහැරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයාට හා හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) හි සඳහන් වන පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය කවරේද;
(ii) මෙම මුදල් අවභාවිතය හා සාවද්‍ය පරිහරණය පිළිබඳව පොදු දේපළ පනත යටතේ විමර්ශනයක් සිදු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම මුදල් අවභාවිතය හා සාවද්‍ය පරිහරණය පිළිබඳව ආයතනික මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) අහිමි වූ මුදල් යළි අයකර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
(iii) විෂයභාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පොදුවේ රාජ්‍ය අරමුදල් අවභාවිතය වැළැක්වීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-22
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අංක SDIG/FCID/OUT/1530/15 සහ 2015.10.17 දිනැති ලිපියෙන්** දන්වා ඇත.
(ආ) (i) 2011 සිට 2014 අතර කාලය තුළ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ යෙදී සිටින විවිධ තනතුරුවල නිලධාරින්ගෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රකාශ ලබා ගනිමින් පවති.
(ii) 1988 අංක 11 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ (සංශෝධිත) 124 වන වගන්තිය ප්‍රකාරව මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වාගෙන යනු ලබන බවට ඇමුණුම 1හි සඳහන් ලිපියෙන් දන්වා ඇත.
(ඇ) (i) ඉහත (ආ) (II) හි සඳහන් විමර්ශනයෙන් හෙළිවන කරුණු අනුව ඉදිරි පියවර ගනු ලැබේ.
(ii) ඉහත (ඇ) (I) අනුව ආයතනික මට්ටමෙන් සිදු කිරීමට නියමිත විමර්ශනයේ නිර්දේශ මත පියවර ගනු ලැබේ.
(iii) සමූපකාර අරමුදලේ ඉදිරි වර්ෂවල වියදම් පිළිබඳව නව ක්‍රමවේදයක් සකස් කර එය මෙම අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks