පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
18/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ එවකට සිටි සභාපතිවරයාගේ නිර්දේශය පරිදි, කොමිසමේ විෂය පථයට පරිබාහිරව වෙළඳපොළ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා යැයි පවසමින් 2013 අගෝස්තු මාසයේදී තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දුන් රුපියල් ලක්ෂ 50ක මුදල, සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් ලිමිටඩ් නම් කොටස් වෙළඳපොළ හෝ මූල්‍ය කටයුතු පිළිබඳ කිසිදු සම්බන්ධයක් නොමැති සමාගමකට ගෙවීමෙන් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වංචාව පිළිබඳ විමර්ශන කටයුතු වල වර්තමාන තත්ත්වය කවරේද;
(ii) ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේද;
(iii) එසේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) වංචා කරන ලද මුදල් අයකර ගැනීම සඳහා කොමිසම ගනු ලැබූ හෝ ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) මේ සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් විමර්ශනයක් කර තිබේද;
(iii) මෙම මුදල් ලබාගත් සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් කවුරුන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) මෙම මූල්‍ය වංචාව පිළිබඳව පොදු දේපළ පනත යටතේ විමර්ශනය කොට චූදිතයන්ට එරෙහිව කටයුතු කිරීමට ඇති බාධාව කවරේද යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-21
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks