04

E   |     |  

 දිනය: 2015-10-20   පිළිතුර ලබා දී ඇත 

0017/2015: Weeraketiya Project - Anomalies

17/’15

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2014.02.17 ආරම්භ කොට 2014.11.06 අවසන් කළ වීරකැටිය ව්‍යාපෘතිය යනු කුමක්ද;

            (ii)      එම ව්‍යාපෘතියට අදාළ එක් එක් අනුකාර්යයන් කවරේද;

(iii) එක් එක් අනුකාර්ය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අරමුණ හා පරමාර්ථයන්ට වීරකැටිය ව්‍යාපෘතිය අයත්වේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මේ සඳහා නාවික හමුදාව ශ්‍රම දායකත්වය ලබා දී තිබේද;

(ii) ඒ වෙනුවෙන් ගෙවීම් කර තිබේ නම්, එම මුදල කොපමණද; 

(iii) මේ සම්බන්ධයෙන් එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් හෝ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ආයතනික විමර්ශනයක් සිදුකර තිබේද;

(iv) එසේ නම්, එහි වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන්නේ නම්, එහි ප්‍රගතිය කවරේද;

(ii) මෙමගින් අහිමි වූ රුපියල් මිලියන 61කට අධික මුදල අය කර ගන්නේ කෙසේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-20

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks