පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
11/’15
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉටු කරන ලද සාගර ආරක්ෂා කටයුතු, මුහුදු කොල්ලකෑම් වැළැක්වීම සහ දේශිය හා විදේශිය නැව්වලට ආරක්ෂාව සැපයීම යන සේවා 2012 සැප්තැම්බර් 18 දින සිට ඇවන්ට්ගාර්ඩ් සමාගම වෙත පවරා ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) නාවික හමුදාව සහ ඇවන්ට්ගාර්ඩ් සහ සීමාසහිත රක්නා ආරක්ෂණ ලංකා සමාගම අතර පවත්නා ගිවිසුම කුමක්ද සහ එහි ප්‍රධාන කොන්දේසි කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඇවන්ට්ගාර්ඩ් සමාගම සහ නාවික හමුදාව අතර පවත්නා සේවා සම්බන්ධතාවය කවරේද;
(ii) ඇවන්ට්ගාර්ඩ් සමාගමේ ආරක්ෂක සේවා කටයුතු සඳහා නාවික හමුදාවේ නිලධාරීන් සහ ආයුධ යොදවන්නේද;
(iii) එසේ නම්, ඒ කවර පදනමකින්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) වර්ෂ 2012 සිට 2015 දක්වා,
(i) ඇවන්ට්ගාර්ඩ් සමාගම ලැබූ ආදායම;
(ii) ඔවුන් රජයට ගෙවූ බදු මුදල;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) සුවිශාල ලාභයක් ලබන මුහුදු ආරක්ෂක සේවය නාවික හමුදාවෙන් ඉවත් කිරීමට හා රාජ්‍ය දේපළ අවභාවිතයට හිටපු ආරක්ෂක ලේකම්වරයා ගත් තීරණය නිවැරදි කිරීමට කටයුතු කරන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-09
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks